English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජාතික ආරක්ෂාවට බලපාන අසත්‍ය ප්‍රචාරයන්ට දැඩි නීති.

දියතලාව පිපිරීම සිද්ධිය පිළිබඳ පළ වන අසත්‍ය ප්‍රචාර, ජාතික ආරක්ෂාවට ගැටලුවක් ඇති කිරීමට හා රට තුළ සාමයට හානියක් සිදු කිරීමට ඇති අවදානම් තත්ත්වය හේතුවෙන් සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රමවේද ඔස්සේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන් ගැන පරීක්ෂණ පවත්වන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අංශවලට ජනාධිපතිවරයා  උපදෙස් දී තිබේ.

අදාළ බස් රථය දියතලාවේ සිට මහියංගනය දක්වා ගමන් කරමින් තිබියදී පිපිරීමකින් පසුව ගිනි ගැනීමට ලක් වී තිබුණි.  එහි ගමන් කරමින් සිටියදී තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ රෝගීන් 14 දෙනකු ඊයේ  (22) වන විටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් එක් අයකු ඊයේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.




2018-02-23
Advertisement

Find us on Facebook