English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


යහපාලනය වෙනුවෙන් දැන් ඉතින් කළ යුත්තේ කුමක් ද?
ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මානය වෙමින් තිබේ. 2015 ජනවාරි 8 විප්ලවයට දායක වූ පුරවැසි හා සිවිල් සමාජ බලවේගය මෙම තත්වයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න උභතෝකෝටිකයක් වී තිබේ.

මෙම අර්බුදය නිර්මානය කිරීම පිළිබඳ වැඩි වගකීමක් පැවරෙන්නේ එහි නායකයන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනල අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයටයි.

මොවුන්ගේ මෝඩ උද්ධච්ඡකම හේතුවෙන් ඔවුන් අතින් වගකීම් සහගත දේශපාලනයක් සිදු වූයේ නැත. තමන් සමග සිටිය යුතු ජන බලවේග අමතක කර දැමූ ඔවුහු අලුත ලැබුණු තත්වයන්ගෙන් උදම්ව ඉතා අහංකාර ලෙස හැසිරුණ හ. එම මනෝභාවය තුළ සිය බලවේගය වේගයෙන් ඔවුන් වෙතින් ගිලිහෙමින් සිටින බව හෝ ඔවුන්ට වැටහුණේ නැත.

ජනයා බලමුළු ගැන්වීම වෙනුවට මාධ්‍යල ප්‍රචාරණය ආදිය භාවිතා කරමින් ජන විඥානය තමන්ට උවමනා පරිදි හසුරුවා ගත හැකි යයි ඔවුන් විශ්වාස කළ බව පෙනේ.

කෙසේ වෙතත්ල මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන පාර්ශ්ව අතර ගැඹුරු බෙදීමක් ඇති වී තිබේග එය දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී ඇති අතර යහපාලනය අපේක්ෂා කළ පිරිස්වල බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම සුන් වී රට අරාජිකත්වයකට ද ඒකාධිපතිවාදයක මුවවිට ද තල්ලු වන තත්වයක් නිර්මානය වී තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නින්දිත පරාජයක් අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය බලලෝභී ලෙස මේ මොහොතේ පාර්ලිමේන්තුවේ බලවත් ම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක් කරමින් සිටියි.

ආණ්ඩු පක්ෂයේ පාර්ශ්ව අතර ගැටුම් ඇති කර රට අරාජිකත්වයක් කරා තල්ලු කිරීමේ රාජපක්ෂවාදීන්ගේ උපායමාර්ගයට ජනාධිපති මෛත්‍රීපාල හසු වී ඇති බව පෙනේ. යහපාලන ආණ්ඩුවේ සමගිය බිඳ දැමීම පිණිස ඔහු පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ආකාරය අතිශය මතභේදාත්මක ය.

මෙම සංදර්භය තුළ සිවිල් සමාජ හා පුරවැසි බලවේග කටයුතු කළ යුතු ආකාරය විමසා බැලිය යුතු ය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මත පදනම් වී අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු බවට කරගෙන යන බල කිරීම ඉතා පැහැදිලිව ම පටු පෞද්ගලික අරමුණු සහිත එකක් බව පෙනේග ඒ පසුපස මහරාජා ආයතනයේ ව්‍යාපාරික අරමුණු තිබෙන අතර එමගින් විශාල පිරිසක් නටවනු ලබන්නේ මාධ්‍ය ආයතනයක සීමාවන් උල්ලංඝනය කරමිනි.

අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු ද නැද්ද යන කාරණය මැතිවරණ ප්‍රතිඵලයට අදාළ එකක් නොවේ. එය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයෙන් මතු විය යුතු උද්ඝෝෂණයක් මිස මාධ්‍ය ආයතන හා බාහිර සංවිධානල පක්ෂ ආදියෙන් මතු විය යුතු එකක් නොවේ. එහි අරමුණ වන්නේ බලතුලනය බිඳ දමාල එජාපය දුර්වල කරල තමන්ට හිතවත් පාර්ශ්වයන් බලවත් කරගෙන පටු පරමාර්ථ ඉටු කර ගැනීම විය හැකිය. එයට ඉඩ නො දිය යුතු ය.

අගමැති රනිල් වික්‍රමසිංහ යනු ප්‍රබලතා මෙන් ම දුබලතා ද ඇති නායකයෙකි. කෙසේ වෙතත්ල වත්මන් ආණ්ඩුවේත්ල එජාපයේත් නායකත්ව මණ්ඩලයේ සිටින පිරිස් අතර ඉදිරියෙන් සිටින්නේ ඔහු ය. ඔහුට සම විය හැකි දෙවෙනියකු නැති අතරල දෙවෙනියන් විය හැකි අය මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු විසින් නටවන තත්වයක් තිබේ නම්, එවැන්නන් කිසි සේත් ම නායකත්වයට සුදුසු නැත.

මෙම සංදර්භය තුළ සිවිල් සමාජ සහ පුරවැසි සංවිධාන ඉතා පැහැදිලි තෝරා ගැනීමක් කළ යුතු ය. එනම්, රටේ දෙවෙනි විශාලතම ඡන්ද පදනම ඇති මෙන් ම වත්මන් ආණ්ඩුවේ බලවත් ම පක්ෂය වන එජාප ආරක්ෂා කළ යුතු ය. එසේ මල එහි නායකත්ව අර්බුදය විසඳා ගැනීමට පක්ෂයට ශක්තිය දිය යුතු ය. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමග ඒකරාශී විය යුතු ය.

සිවිල් සමාජ හා පුරවැසි සංවිධාන තව දුරටත් පසුබිමින් සිට බලපෑම් කරන කණ්ඩායම්වල තත්වයේ සිට මෙම අර්බුදය ජය ගත නො හැකි ය. ඉතා පැහැදිලි තෝරා ගැනීම් කරමින් ඔවුන් දේශපාලනයට පිවිසිය යුතු ය. තත්වයන් වෙනස් කිරීම සඳහා බලවත් ලෙස මැදිහත් විය යුතු යග නිදසුනක් ලෙස අඩු වශයෙන් කොළඹ වැනි කේන්ද්‍රීය ස්ථානවල හෝ සිවිල් සමාජය සිය ජන පදනම් දේශපාලනය තුළ ස්ථාවර කර ගත යුතු යග ඒ සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණය වැනි අවස්ථා භාවිතා කළ යුතු ය. කෙළින් ම කියනවා නම්, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමග සම්මුතියකට යා යුතු ය. ජනප්‍රිය පුරවැසි නායකයන් කිහිපදෙනෙකු හෝ දේශපාලනය තුළ ස්ථාවර වීම මෙම අවස්ථාවේ වැදගත් ය.

මේ අතර, ආණ්ඩු වෙනසක් සිදු වුවහොත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් ඇති විය හැකි බවට ලකුණු දැනටමත් පහළ වී තිබේ. යහපාලන අරමුණු වෙනුවෙන් කැප වුණු එක් මාධ්‍යයක් හෝ ආණ්ඩු පෙරළියකට පසු ඉතිරි නො වන බව ද අවබෝධ කර ගත යුතු ය. මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. අනෙක් පැත්තෙන්ල එජාප පළාත් පාලන මන්ත්‍රීන් හා විශේෂයෙන් ම ඒ අතරින් වැඩි පිරිස වන මන්ත්‍රිනියන් සතු විභවයන් සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා යොදා ගැනීමට උපකාර කිරීමේ විශේෂ වගකීමක් ද යහපාලන ජන බලවේගයට තිබේ.

ඉදිරි කාලයේදී රට නැවතත් අඳුරු යුගයකට තල්ලු විය හැකි ස්වභාවයක් දකින්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදයල නිදහසල මානව හිමිකම්ල ජාතික සමානාත්මතාවල කාන්තා අයිතිවාසිකම් වැනි කාරණා දැඩි අභියෝගයකට ලක් විය හැකි අතර දීර්ඝ කාලීන අරගලයකට පුරවැසි බලවේග සූදානම් විය යුතු ය. පළා යාමට ඇති වන පරාජිත නැඹුරුව වෙනුවට එඩිතරව සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ගොනු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් පැරණි වැඩ ශෛලීන් හා යල් පැන ගිය ආකල්ප අතහැර දැමීමේ එඩිතරකම අවශ්‍ය ය.

අජිත් පැරකුම් ජයසිංහ





2018-02-20
Advertisement

Find us on Facebook