English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


මැතිවරණ පෙර ප‍්‍රථිපල සාර්තක 100යේ ඉණිම ඉක්මවයි !

අද,  අගෝස්තු  මස 28  වෙනිදා  වන  විිට  ඌව  පළාතෙන්  වාර්තාවන  පළාත්  සභා  මැතිවරණය ආශ‍්‍රීත ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගණන 100 ය ඉක්මවා ඇතැයි මැතිවරණ නිරීීක්‍ෂණ  කණ්ඩායම් ප‍්‍රකාශ  කරයි. මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා බහුලව සිදුවන ප‍්‍රදේශවල ආරක්‍ෂාව තරකරන ලෙසත් අවශ්‍යනම් විශේෂ කාර්ය සාධක හමුදාව යොදවන ලෙසටත් මැතිවරණ කොමසාරිස්වරයා දන්වා සිටියි.

ඌව  පළාතේ  මොණරාගල  දිිස්ත‍්‍රික්කයෙන්  වැඩිිම  ප‍්‍රචණ්ඩ  ක‍්‍රිියා  සංඛ්‍යාවක් වාර්තා  වන බව පවසන නිදහස්  සහ සාධාරණ මැතිවරණයක්  සඳහා  වන  ජනතා  ව්‍යපාරය එනම් කැෆේ සංවිිධානය,  මේවන  විට  ප‍්‍රචණ්ඩ  ක‍්‍රියා 105ක්  පිළිබඳ වාර්තා ලැබීී  ඇති බවත් ඉන් සිදුවීීම් 80ක්
මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ද 15ක් සිදුුවීීම් බදුුල්ල දිස්ත‍්‍රික්කයෙන්  ද වාර්තා  වීී  ඇතැයි  සඳහන්  කරයි.

ගෙවුණු දෙදින තුළ සිදුවීම් වැඩි ප‍්‍රමාණයක් පිළිබඳව වාර්තාවන බවත් එම සිදුවිම් වලින් බහුතරයක් අවි භාවිතාව නිසා හටගත් ඒවා බවත් එම සිදුවීම් වාර්තාවන්නේ මොණරාගල  දිිස්ත‍්‍රික්කයෙන් බවත් කැෆේ සංවිධානය ප‍්‍රකාශ කරයි.

එමෙන්ම මහජන දේපොල අවභාවිතයේ යෙදවීමත්, මැතිවරණයේ ජයග‍්‍රහණය අරඹයා රජයේ සේවකයින් භාවිතා කිරීමත් ස්ථානමාරු සහ නව තනතුරු ලබාදීම යනාදි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් කිහිපයක් පිළිබඳවද වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය ප‍්‍රකාශ කරයි.

ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදි ඌවේ සිදුවෙමින් පවතින මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාක්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් විමසා සිටි විට ඊට පිළිතුරු දීම ප‍්‍රතික්‍ෂේපකර ඇති ඔහු පවසා ඇත්තේ රජයේ ආයාතනයක පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු ප‍්‍රකාශ කරන්නට තමන් කැමැත්තක් නොමැති බවයි.
-MMP



2014-08-28
Advertisement

Find us on Facebook