English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මානව අයිතීන් හඹා ගිය පහළොස් වසරක් සැමරේ...

පුරා වසර ගණනාවක් පුරවැසියන්ගේ මානව හිමිකම් වෙනුවෙන්  හා වධහිංසාවට පත් වින්ධිතයින් වෙනුවෙන් පෙනී සිටි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සිය 15 වන සංවත්සරය ඊයේ (17) කොළඹ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් පැවැත්වීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන, බ්‍රිටෝ ප්‍රනාන්දු, ජයතිලක බණ්ඩාර නීතිඥ උපුල් කුමාරප්පෙරුම ඇතුළු ආරාධිතයින්, ක්‍රියාකාරී සාමාජිකයින් හා වින්දිතයින්ගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වූ අතර, පැරණි රයිට් ටු ලයිෆ් සාමාජිකයින් ඇගයීමක්ද මෙහිදී සිදුවිය.

 

තවද, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක වන පිලිප් දිසානායක මහතා විසින් රචිත රයිට් යු ලයිෆ් මානව හිමිකම් සංවිධානය පහලොස් වසරක් ආ ගමන් මග පිලිබඳව කියැවෙන “විමංසා” කෘතිය හා නීති ශිෂ්‍ය පුබුදු රන්දිම මහතා විසින් රචිත ජාත්‍යන්තර වධහිංසා කමිටුව විසින් ලංකාවට පැනවූ නිර්දේශ සම්බන්ධයෙන්  වූ “CAT අහසින් මහා පොලවට” නම් කෘතියද එළිදැක්වීම මෙහිදී සිදුවිය.




2018-02-18
Advertisement

Find us on Facebook