English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“රයිට් ටු ලයිෆ්” පාලොස් වසර සමරයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට වසර පහළොවක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන සංවත්සරය, 2018 පෙබරවාරි මස 17 වන දින, කොළඹ 07 පිහිටි ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත. වර්ෂ 2003 දී පුරෝගාමීන් තිදෙනෙකුගේ එකතුවීම මත රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයට ආරම්භ කරනු ලැබීය.

මෙහිදී, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිතුමිය වන ආචාර්ය දීපිකා උඩගම මහත්මිය, ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතීඥ බැසිල් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමන් වන නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා විසින් උත්සව සභාව ඇමතීමට නියමිතය.

මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන නියෝජිතයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මානව හිමිකම් ආරක්ෂකයින් සහ ආයතනය සමග සම්බන්ධ වී සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගී වීමට නියමිතය.




2018-02-16
Advertisement

Find us on Facebook