English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බැසිල් විසින් ගෝඨාට ඇමෙරිකානු පුරවැසිභාවය ගැන නැවත මතක් කර දීම...

පසුගිය පළාත් පාලන ඡන්දයට සති කිහිපයක් තිබියදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් බලා ගෝඨාභය පසු බැස ගියේ තම පවුලේම කුමන්ත්‍රණයකින් බේරීමට බව ඔවුන්ගේම හිතවතෙකු විසින් මාධ්‍යට හෙළි කර තිබුණි. ගෝඨාභය දකින 2020 ජනපති සිහිනය සැබෑ කර ගැනීමට නම් උසාවියෙන් බේරෙන්නට ඔහුට සිදුවිය.  

එවිට සිරිසේන ගෙන් ලැබුණු සහයෙන් ලහි ලහියේම ඇමෙරිකාවට පසු බැස යාන්තමින් නීතියේ රැහැනින් ගොඩ ඒමට තාවකාලිකව ඔහු සමත් විය. යලිත් රාජපක්ෂ කඳවුර ලැබූ දේශපාලන ජයග්‍රහණයත් සමගම ක්ෂණිකව යලි ලංකාවට ඒමට සුදානම් වුයේ පොදුජන පෙරමුණේ පිරිසකගේ ආරාධනාවත් සමගය. ගෝඨාභය යලි ශ්‍රී ලංකාවට පැමිණීමත් සමගම මින් පෙර බැසිල් පිළිගත් ආකාරයට සුපුරුදු ගණින්නාන්සේලා ගේ පිරිත් පැන් බිබී, මල් මාලා ගෙල හිරවෙනකම් පළන්දමින් කොළඹ බලා ඒමට සියල්ල සුදානම් කර තිබුනේ මැතිවරණ ජයෙන් උද්දාමයට පත් වෙමිනි. එහෙත් පොහොට්ටුවේ ජාතික සංවිධායක වන බැසිල් ගේ අණින් සියල්ල කණ පිට පෙරලුනි.

ගෝඨාබය පිළිගැනීම සඳහා උත්සව සංවිධානය කිරීමට යෝජනා කළ සංවිධායකවරුන්ගෙන් බැසිල් රාජපක්ෂ විමසා ඇත්තේ "මොනවද තමුසලගෙ ලොක්කා කළේ ?" යනුවෙනි. "මිනිහා ඇමරිකාවට වෙලා නිවේදන නිකුත් කර කර හිටියා විතරයි. අපියි මෙහෙ අමාරුවෙන් වැඩ කරලා ඡන්දෙ දිනා ගත්තේ. දැන් එයා ඕනෙද මෙතන සව්දිය පුරන්න ? එයා වෙනුවෙන් කොහෙත්ම උත්සව ලෑස්ති කරන්න එපා. අපේ දේශපාලනයට තවදුරටත් ජාතිවාදියෝ ගාවගන්න ඕනෙ නෑ. " යනුවෙන් බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ උවමනාවන් ඉෂ්ඨ කරන බැසිල් හට, තම පවුලට වඩා ඉන්දීය දේශපාලන උවමනාවන් ඉටු කල යුතුය. දැඩි ජාතිවාදියෙකු වන ගෝඨාභයට තම පක්ෂය තුල හිස එසවීමට බැසිල් ඉඩ ලබා නොදෙන වාතාවරණය මෙමගින් පැහැදිලි විය. ප්‍රසන්න, විමල්, දිනේෂ්, ගම්මන්පිල විසින් සංවිධානය කර තිබු පිළිගැනීමේ උත්සව හකුලා ගන්නට සිදු වුයේ රාජපක්ෂ පවුලේ අලකලංචිය නිසාය. ඊළඟ ජනපති අපේක්ෂකයා ලෙස ලංකාවට ගොඩ බට සැනින් පුවත් මැවීමට සිහින දකිමින් ආ ගෝඨා ට අවසානයේ තමා ඇමෙරිකන් පුරවැසියෙකු බවත්, තමන්ට අගමැති විය නොහැකි බවත්, කියා ස්වයං වින්දනයක යෙදෙන්නට සිදු විය. බලය වෙනුවෙන් බෙල්ල කපා අතට දීමට වුවද මේ සහෝදර කල්ලිය මැලි නොවනු ඇත.

 

උපුටා ගැනීමකි




2018-02-14
Advertisement

Find us on Facebook