English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


යුක්තිය ඉල්ලා සිටින මිනිසුන්ගේ ප්‍රකාශනය “UNFRAMD”

“යම් රාජ්‍යයකට අභ්‍යන්තර යුක්තිය ඉෂ්ඨ කර ගන්න බැරිනම් ඒ රාජ්‍ය අසමත් රාජ්‍යයක්, ඒ රාජ්‍යයේ ලක්ෂණයි “UNFRAMD” තුලින් පෙන්නන්නේ” යැයි පසුගිය 30,31 දිනයන්හී කොළඹ JDA පෙරේරා කලාගාරයේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් “UNFRAMD” නමින් පවත් වනු ලැබූ පැවැත්වූ ප්‍රදර්ශනයේදී, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පර්යේෂක සම්පත් සමරකෝන් පැවසීය.

“2009 පසු අපි කව්රුත් හිතුව අතුරුදන්වීම්, ඝාතනයන්, මාධ්‍යවේදීන්ට පහරදීම් හා මිලටරි කරණය වූ ඉඩම් සම්බන්ධයෙන් යම් සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියල, නමුත් අපි හිතපු ආකාරයටම ඒ දේවල් සිද්ධ උනේ නෑ  තවමත් අම්මල අඬනවා, තවමත් මිලිටරි සපත්තුවට පෑගෙන ඉඩම් උතුරේත් නැගනහිරත් තියෙනවා.” යනුවෙන්ද එම ප්‍රදර්ශනය සම්බන්දයෙන් “අයිතිය” වෙත  අදහස් දක්වමින් සම්පත් සමරකෝන් මහතා පැවසීය.

    

    

අතුරුදහන්වූ සිය දරුවන් ඉල්ලා මාපියන් කරන අරගල, සිය ඉඩම් ඉල්ලා මිනිසුන් කරන අරගලය, ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා කරන අරගල, විවිධ ගැටුම් හා විවිධ විරෝධතාවලට සිදු වූ පහරදීම් යනාදී සිදුවීම්වලට අදාළ ඡායාරූප ගණනාවක්ම මෙම ප්‍රදර්ශනයට ඒක් කර තිබුණි.




2018-02-01
Advertisement

Find us on Facebook