English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ජනවාරි 08 ජයග්‍රහණය, පළාත් පාලන මැතිවරණය හා රටේ අභියෝග”

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් කොළඹ මහ නගර සභා මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂවලින් තරඟකරන නගරාධිපති අපේක්ෂකයන් ජයග්‍රහණයෙන් පසුව ජනතා සහභාගීත්වයෙන් ගැටලු නිරාකරණය කිරීමට සැලසුම් කරන ආකාරය පිළිබඳව ජනවාරි 08 ජයග්‍රහණය, පළාත් පාලන මැතිවරණය හා රටේ අභියෝග” මැයෙන් වූ සාකච්ඡාවක් පසුගිය 30 වනදා ලක්ෂ්මන් කදිරගාමර් අනුස්මරණ ශාලාවේදී පැවත් විය.

“හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීමේ ව්‍යාපාරය” විසින් මෙය ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ රෝසි සේනානායක නියෝජනය කරමින් මොහොමඩ් හේෂාඩ්, එක්සත් ජනතා සන්ධානය නියෝජනය කරමින් අසාද් සාලි සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වෛද්‍ය අනිල් ජයසේන, යහපාලන ජාතික පෙරමුණ මොහොමඩ් සුසේන්, යන අය සහභාගී විය.

කලාව හා සංස්කෘතිය නැංවීම, දූෂණ වංචා අවම කිරීම, සමාන්‍ය එදිනෙදා ජනජීවිතයේ ඇතිවන ගැටළු මෙන්ම අධික රථ වාහන තදබදයට විමසදුම් හා කැළිකසල නගරයෙන් ඉවත් කිරීම ආදී ගැටලු මුලික කරගනිමින් විද්වත් සභාව මගින් ගැටළු ඉදිරි පත් කළ අතර, අපේක්ෂකයින් විසින් එහිදී තමන් එම ගැටළු වලට විසඳුම් සපයන්නේ කෙසේද යන්න පැහැදිළි කළේය.

       

එම විද්වත් සභාව සඳහා ලූෂන් බුලත්සිංහල, තිලක් කාරියවසම් ,වසන්ති සේනාරත්න සහ නීතිඥ නාමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විය.




2018-02-01
Advertisement

Find us on Facebook