English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


නගර ප්‍රජාතන්ත්‍රවාදය හා නගර සංවර්ධනය සම්බන්ධව විද්වත් සභාව හෙට

“ජනවාරි 08 ජයග්‍රහණය, පළාත් පාලන මැතිවරණය හා රටේ අභියෝග” යන කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වූ විද්වත් සභාවක් හෙට (30) උදේ 9.30 ට, කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ පැවැත්වීමට “හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය” විසින් සංවිධානය කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභාව සඳහා තරඟ වැදී සිටින නගරාධිපති අපේක්ෂකයින් ඉලක්ක කර ගනිමින්, ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් විසින් නගර ප්‍රජාතන්ත්‍රවාදය හා නගර සංවර්ධනය සම්බන්ධව සාකච්ඡා කිරීමට නියමිතය.

ඒ සඳහා නගර සභා අපේක්ෂකයින් ලෙස රෝසි සේනානායක, ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න හා අසාත් සාලි යන අය සහභාගී වීමට නියමිතය.




2018-01-29
Advertisement

Find us on Facebook