English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“පතී... නුඹට සුබ ගමන්...”

සිංහල සිනමාව වෙනස් මගකට යොමුකළ ධර්මසිරි පතිරාජ, දිවි සිනමාවට සමුදුන්නා.. අහස්ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, පොන්මනී, බඹරු ඇවිත්, පාරදිගේ , සොල්දාදු උන්නැහේ, වාසුළි, මතුයම් දවස, සක්කාරන්... ඔහු තැනූ සිනමා නිර්මාණ වේ..

දේශීය සිනමාව, වමේ දේශපාලනය, මනුෂ්‍යත්වය, අන්‍යෝන්‍ය සහයෝගය, එකිනෙකා පිළිගැනීම, යහපත් ලෙස ඇහුම්කන් දෙමින්, වැදගත් ලෙස ඉඳහිට උපදෙස් දෙන මිනිසකු ලෙස ජීවත්වෙමින්, ජනතාවාදී සිනමාකරුවකු ලෙස ගත කල ඔහුගේ සිතිවිලි තවමත් නැවුම්ය.

මියයද්දී 74 වන වියේ පසුවූ ඔහු, භෞතිකවාදියෙක්.. එම නිසාම, ඔහුගේ අවසන් කටයුතු ගැන වූ ඉල්ලීම පරිදි.. පැය 24 ක් තුල.. ආගමික වතාවත්වලින් සහ උත්සවයකින් තොරව ඊයේ දින සවස 6.30 ට මහනුවර, මහයියාව කනත්තේදී සිදුවීය.

1978 වසරේ "බඹරු ඇවිත්" වෙනුවෙන් හොඳම අධ්‍යක්ෂකවරයා වූ ඔහු, 1981 දී නැවතත් හොඳම අධ්‍යක්ෂකවරයා මෙන්ම හොඳම තිර රචකයා ලෙසත් "සොල්දාදු උන්නැහේ" වෙනුවෙන් සරසවි සම්මාන දිනු අතර, ඔහුගේ මුල් සිනමා නිර්මාණ තුලින් ඔහු කතාකලේ එවකට වූ තාරුණ්‍යයේ යථාර්ථයයි.




2018-01-29
Advertisement

Find us on Facebook