සිංහල | English
  
Share |   


පොලිස් කොස්තාපල් වරයෙක් ගෙන් “රයිට් ටු ලයිෆ්” වෙත තුති.

2008 වර්ෂයේ තණමල්විල පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටියදී, සර්පයකු දෂ්ඨ කිරීම නිසා ඉතා අසාධ්‍ය තත්වයේ සිටි පොලිස් කොස්තාපල් නාමල් අසංක මහතාව ලෙඩ නිවාඩු අනුමත කරවා ගනිමින් නිවසේ හිඳ සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී නොදන්වා සේවයට වාර්ථා නොකිරීම යන විත්ති වාචිකය ඉදිරිපත් කරමින් ඔහුගේ සේවය අත්හිටුවන ලදී.

එවකට සිටි තණමල්විල පොලිසියේ ස්ථානාධිපති වරයාගේ නොසැලකිල්ල නිසාවෙන් රාත්‍රියේ සර්පයකු දෂ්ඨ කල පො:කො නාමල් අසංක මහතාව රෝහල් ගත කර තිබුනේ පසුදා ප:ව 2.00 ට, නිවාඩු අනුමත කිරීමෙනුත් අනතුරුවය, ඒ වන විට ඔහුගේ ශරීරය පුරාම සර්ප විෂ ශරීර ගත වී තිබුණි. පසුව සාමාන්‍ය සුවය ලබා ඔහු සේවයට වාර්ථා කලත්, උග්‍ර ලෙස සර්ප විෂ ශරීර ගතවීම නිසා විටින් විට රෝගාතුර වී නැවතත් ඔහු ඔත්පල විය.

එසේ තිබියදීත්, සේවය අත්හිටුවමින් දිගින් දිගටම තමන්ට සිදු වූ සිදුවූ අසාධාරණය හේතුවෙන් ඔහුගේ රැකියාව නැවත ලබා ගැනීම උදෙසා මුදල් වැයකරමින් අදාල නිලධාරීන් හමු වීමට ගියත්, ඔහුට සාධාරණයක් ඒ කිසිම තැනකින් ඉටු නොවීය.

පසුව ඔහු “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් සංවිධානයේ හම්බන්තොට කාර්යාලයට පැමිණ තම පැමිණිල්ල ලිඛිතව හා වාචිකව ඉදිරිපත් කළ අතර, 2014 වර් ෂයේ සිට 2017 වසර දක්වා ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කර දීම සඳහා “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් සංවිධානය මහත් වෙහෙසක් දැරීය.

එහි ප්‍රථිපලයක් වශයෙන් 2017.12.26 දින ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්, පො:කො නාමල් අසංක මහතාව නැවත සේවයේ පිහිටු වන ලෙසට තීරණය කළේය.

“රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් සංවිධානය පුරා වසර හතරක් ඔහු වෙනුවෙන් කැපකර, සාධාරණය ඉටු කර දීම වෙනුවෙන් පො:කො නාමල් අසංක මහතා විසින් “රයිට් ටු ලයිෆ්” මානව හිමිකම් සංවිධානයට ස්තුතිය පළකරමින් ලිපියක් ඒවා තිබු අතර, එම ලිපිය පහතින්....



2018-01-29
Advertisement

Find us on Facebook