English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ ඝාතන සිද්දිය ගැන සොයන්න මානව හිමිකම් කොමිසම තොරතුරු දැනගැනීමේ පනතෙන් සහය ඉල්ලයි.

2012 වර්ෂයේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ඝාතන සම්බන්ධයෙන් 2015 වර්ෂයේ නව ආණ්ඩුව යටතේ පත් වූ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඝාතන සිද්ධියේ විමර්ශන කටයුතු සඳහා අත්‍යවශ්‍ය බැවින් එය මානව හිමිකම් කොමිසම ඉල්ලා සිටියද, එය ලබා දී නැති අතර, ඒ වෙනුවට කර ඇත්තේ විවිධ අංශ වෙත යොමු කිරීමකි. මේ අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ වාර්ථාව ලබා ගැනීමට කටයුතු සිදු කරමින් සිටින බව මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය පවසයි.

වැලිකඩ ඝාතන සිදුවීම පිළිබඳ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව නීතිපති දෙපාර්තුමේන්තුව ඇතුළු අදාළ අංශ හතරකින් ඉල්ලා සිටියද එය තවමත් නොලැබුණු බවත්, වැලිකඩ ඝාතන සිදුවීම ඉතාම වැදගත් බවත්, තමන් එයට ප්‍රමුඛතාවක් දක්වන බව හා බලධාරීන්ගේ සහාය නොමැතිව මානව හිමිකම් කොමිසම වැනි ස්වාධීන කොමිසමකට විමර්ශන කටයුතු කිරීමට අපහසු බවටත් මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වැඩිදුරටත් පවසයි.




2018-01-23
Advertisement

Find us on Facebook