English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මදුෂ්ක පැහැර ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වාර්ථාවක් අධිකරණය හමුවේ

2013 වර්ෂයේදී අනුරාධපුරයේ මධුෂ්ක ද සිල්වා නම් වූ තරුණයා පැහැර ගෙන ගොස් අතුරුදහන් කරවීම පිළිබඳ නඩුව අද දිනයේදී (23) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගන්නා ලදී.

අද (23) දිනයේ නඩුව කැඳවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලට අදාළව සිදු කරනු ලබන විමර්ශන පිළිබඳ වාර්ථාවක් අධිකරණය හමුවේ ගොනු කරන ලදී. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුරයේදී තරුණයා පැහැර ගත් අවස්ථාවේ සිට ඔහුගේ ජංගම දුරකථනය මගින් නිකුත් වූ දුරකථන සංඥා ආශ්‍රයෙන්, ඔහුව රැගෙන ගිය මාර්ගය සොයා ගැනීමට කටයුතු කරන බව දන්වා සිටින ලදී.   

පසුව, වැඩිදුර නඩු විභාගය ජුනි මස 05 වන දිනට කල් තබන ලදී. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ ප්‍රියලාල් සිරිසේන මහතා පෙනී සිටින ලදී.




2018-01-23
Advertisement

Find us on Facebook