English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


පළාත් පාලන ඡන්දය වෙනුවෙන් මානව හිමිකම් කොමිසමෙන් රාජ්‍ය නිලධාරීන්ට නිර්දේශ

රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින නීතිමය වගකීමක් අයුතු ලෙස යොදා ගැනීම හෝ නීතිමය සීමාව ඉක්මවා ක්‍රියාකිරීම මෙන්ම කල යුතු කාර් ය නොකර සිටීමද, සාධාරණ හේතුවක් නොමැතිව පැහැර හැරීමද, අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වේ. රාජ්‍ය නිලධාරීන් විසින් එවැනි මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කල අවස්තාවලදී ඔවුන්ට විරුද්ධව විමර්ශන පැවැත්වීමට හා ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට 1996 අංක 21 දරණ පනත අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට බල තල හිමි වේ.

ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම පළාත් පාලන මැතිවරණය නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස පවත්වාගෙන යාම සඳහා රාජ්‍ය සේවයේ සහ පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ ක්‍රියාත්මක වීම සඳහා නිර්දේශයන් මේ වන විට සියළුම ලේකම් වරුන්ට දන්වා යවා ඇත.

එම නිර්දේශයන් පහතින්...

·      * නීතිය අපක්ෂපාතීව හා සාධාරණව ක්‍රියාත්මක කළ යුතුය.

·    * නීතිය ක්‍රියාත්මක නොකිරීම, එක් පාර්ශවයකට වාසි සහගත වන අයුරින් බලය අයුතු ලෙස භාවිතා කිරීම (උදා: මැතිවරණය උල්ලංඝනය කරමින් සමහර දේශපාලන පක්ෂ වලට/කණ්ඩායම් වෙත පොදු දේපල සහ සම්පත් භාවිතා කිරීමට ඉඩ ප්‍රස්ථා ලභාදීම) මුලික අයිතිවාසිකම් උල්ලංඝනයක් වේ. රජයේ වගකීමට අමතරව, නීතිය ක්‍රියාත්මක නොකිරීම හා නොසලකා සිටීම මඟින් විදුවන හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ එම නිලධාරීන් පුද්ගලිකවම වගකීම් දැරිය යුතුය.




2018-01-23
Advertisement

Find us on Facebook