English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ජීවිතයක වටිනාකම නොදන්නා අවි ගත් වෘකයින්

කතරගම ප්‍රාදේශීය සභාවේ ට්‍රක් රථ රියදුරකු වන පතිරණලාගේ නිරෝෂන් (25) මහතාට පසුගිය 21 වනදා රාත්‍රියේ තවත් පුද්ගලයකු සමඟ යතුරු පැදියකින් ගමන් ගන්නා අවස්ථාවේ දි රාත‍්‍රී මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබීමෙන් ඔහු මියගොස් ඇති අතර, පොලිස් අණ පරිදි ටික දුරක් ගොස් යතුරු පැදිය නතර කරනවාත් සමග පොලිස් නිලධාරියා වෙඩි තැබු බව යතුරු පැදියේ පසු පස ගමන් ගත්  දැනට තුවාල ලබා කතරගම දිසා රෝහලේ ප‍්‍රතිකාර අංශයේ සිටින  ආර්. නුවන් මහතා පවසයි.

පොලීසියට මිනිසුන්ගේ ඔලුවට වෙඩි තෑබීමට කිසිඳු අයිතියක් නෑත. පොලීසිය යනු විශේෂ පුහුණුවක් ලෑබු අයවලුන්ය.  ඔවුන් ප්‍රතිවාදියා මෙල්ලකල යුත්තේ අවම බලය යොදාමිස උපරිම බලය යොදා නොව. යතුරු පදිය නෑවතුවේ නෑතිනම් පොලීසිය සතුව යතුරු පෑදියක් තිබුණේනම් හඹා ගොස් නෑවතිය යුතුය. නැතිනම් දනින් පහල වෙඩි තෑබිය යුතුය.

පොලීසිය යනු රජයේ අවසරය ඇතිව ප්‍රසිද්ධියේ ගිනිඅවි භාවිතා කිරීමට අවසර ඇති පිරිසකි. තුවක්කුවක් ලැබුනම වඳුරට දැලිපිහිය හම්බුනා වාගේ හැසිරෙන්න හේතුව බොහෝ විට පොලිස් නිළධාරින් මත්පෑන් පානය කර සේවයේ නිරත වීම විය හැක. ඔවුන් බොහෝ විට රාත්‍රී සේවයේදී මත් පැන් පානය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබේ.

මිය ගිය නිරෝෂන් මහතාගේ හිසට වෙඩි වැදි බරපතල තුවාල සිදුවීමෙන් මිය ගොස් ඇති අතර, මෙම වෙඩි තැබීමත් සමග කුපිත වු කතරගම ජනයා ඊයේ (21) අලුයම කතරගම පොලිසියට පැමිණ ඊට විරෝධ දක්වමින් පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද කළ අතර, එහිදී පොලිසිය විසින් කදුළු ගෑස් ගසමින් අහසට වෙඩි තබා ගම්වාසින් පළවා හැරීමටද ක්‍රියාකර තිබේ.

හිරු tv තුලින් උපුටාගන්නා ලද වීඩියෝවක් පහත දැක්වේ...





2018-01-22
Advertisement

Find us on Facebook