English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අල්ලස් නීතියට වසර 23 කින් කිසිදු සංශෝධනයක් සිදු කර නැහැ” - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න

ගත වූ වසර 23 ඇතුලත අල්ලස් කොමිසම විසින් අධිකරණයේ ගොනු කරන ලද දූෂණ නඩු වලින් අවස්ථා 4 දී පමණක් විත්තිකරුවන් වරදකරුවන් වූ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, අල්ලස් නඩු වලදී මෙම තත්ත්වය වෙනස් වන බවය. කොමිෂන් සභාව ගොනු කළ අල්ලස් නඩු වලින් 2014 දී විත්තිකරුවන් 22 ක්, 2015 විත්තිකරුවන් 15 ක්, 2016 විත්තිකරුවන් 15 ක් සහ 2017 දී විත්තිකරුවන් 57 ක් වරදකරුවන් වූ බවය. 

බැඳුම්කර වාර්තාව පිළිබඳව ඒ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මේ වනවිට එම වාර්තාව නීතිඥ කණ්ඩායමක් අධ්‍යයනය කරමින් ඇති බවය. පසුව එම වාර්තාව පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසමේ කොමසාරිස්වරුන් විසින් තීන්දුවක් ගත යුතුය. කොමිසමේ තීන්දු ක්‍රියාත්මක කිරීම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යය වන බව ඔහු ප්‍රකාශ කරන ලදී.

'මෙරට අල්ලස් නීතියට වසර 23 කින් කිසිදු සංශෝධනයක් සිදු කරලා නැහැ. වෙනත් රටවල් වල නම් අල්ලස්, දූෂණ සහ වත්කම් බැරකම් පිළිබඳ නීතිය වසර 4 - 5 වරක් සංශෝධනය වෙනවා.

අල්ලස් හෝ දූෂණ පිළිබඳ නීතිය සංශෝධනය කිරීමට ජනාධිපතිතුමා විසින් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වෙලා තියෙනවා. මේ වනවිට නීති කෙටුම්පත් සම්පාදකතුමිය මෙම නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය කෙටුම්පත් සකසමින් සිටිනවා'.

විමර්ශකයන්ගේ හිඟය පිළිබඳවද ඒ මහතා අදහස් දක්වන ලදී. 'අපට විමර්ශන නිලධාරීන් විදිහට පොලිස් නිලධාරීන් 200 ගේ සේවය ලැබෙනවා. නමුත්, තව විමර්ශන නිලධාරීන් 200 ගේ පුරප්පාඩු පවතිනවා. මෙම කොමිෂන් සභාවේ ව්‍යාපාර, වාණිජ්‍ය ආදී ක්ෂේත්‍රයන්ට අදාළව විශේෂ විමර්ශකයන් නැහැ. පසුගිය සතියේදී විශේෂ විමර්ශකයින් 200 ක් බඳවා ගැනීමට රජයේ අනුමැතිය හිමි වුණා'




2018-01-19
Advertisement

Find us on Facebook