English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන දෘෂ්ඨිවාදයෙන් මිදීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක අවශ්‍යතාව

ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි, ව්‍යවස්ථාවට අනුකුල නොවන ඕනෑම ක්‍රියාවක්, ක්‍රියා පටිපාටියක් එමගින් අවලංගු වේ. 1931 සිට 1978 දක්වා ප්‍රතිසංස්කරණ සිදු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  සංශෝධන 19 කින් සමන්විත වී තිබේ. එය නව ව්‍යවස්ථාවක අවශ්‍ය තාවය පෙන්නුම් කරන්නකි.

1972 හා 1978 යන ව්‍යවස්ථාවල් වාර්ගික යුද්ධයට මුලික හේතුවක් විය. දශක තුනක තීරණාත්මක යුද්ධයකින් පසු දැන් ශ්‍රී ලංකාව සංක්‍රමණීය කාලසීමාවකට පැමිණ ඇත.

අනාගතයේ රට තුල එවැනි ව්‍යසනයක් වලක්වා ගැනීම සඳහා රජය දැන් පියවර ගත යුතුය. එනම් සුළු ජනකොටස් ඇතුළු, යුද්ධයෙන් පීඩා විඳි පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් සහතික කිරීම හා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රටේ ජනතාවට වඩා හොඳ ජීවන තත්වයක් ඇතිකිරීම සඳහා බලය බෙදා හැරීමේ මුලධර්ම, රාජ්‍ය ඉඩම්, ප්‍රජා මණ්ඩල, මැතිවරණ ක්‍රමය, හා විධායකය යන කාරනා පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. රටේ වත්මන් තත්වයේ යතාර්ථය හඳුනා ගැනීමට අසමත් වූ දේශපාලනඥයින් හා දේශපාලන පක්ෂවල දේශපාලන දෘෂ්ඨිවාදය රට තුල ජනතාව මෙහෙයවනු ලබන අතර, යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සියලු කාරණා වලට පිළිතුරු සපයන බවට බලාපොරොත්තු තබා ගත හැක.

 

                                                                               

                                                                        ඇන්තනී විනෝද්

                                                    (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය)

 




2018-01-16
Advertisement

Find us on Facebook