English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රී ලාංකික සරණාගතයන් 39800 ක් තමිල්නාඩුවේ

ඉකුත් යුද සමයේදී මෙරට සිට ඉන්දියාවට පලා ගිය දෙමළ සරණාගතයින් 39784 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින බව මධ්‍යම රජය සිදුකළ සමීක්ෂණයක දී හෙළි වී ඇතැයි ඉන්දීය තානාපති ආරංචි මාර්ග පවසයි. මෙම සමීක්ෂණය ඉන්දීය මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශය  විසින් සිදු කොට ඇති අතර එය  පසුගිය ජනවාරි 4 වැනි දා සිට 9 වැනි දා දක්වා වූ කාලය තුළදී සිදු කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් විසින් මධ්‍යම රජයෙන් කළ ඉල්ලීමකින් පසුව මෙම සමීක්ෂණය සිදු කර ඇතැයිද, එම තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කදවුරු 107 ක ජීවත් වන බවද, මෙම සමීක්ෂණයේදී හෙළි වී තිබේ.

මෙම ලාංකික අවතැන් වූවන් රැදී සිටින කඳවුරුවල ගොඩනැගිලි බොහොමයක්ම අවුරුදු 100 කට වඩා පැරණි නිසා ඒ වෙනුවෙන් නව ගොඩනැගිලි ලබා දිය යුතු බව තමිල්නාඩු ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මීට පෙර එරට මාධ්‍ය හමුවේදී කියා තිබිණි.


උපුටා ගැනීම - ලංකාදීප




2018-01-16
Advertisement

Find us on Facebook