English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පොලිස් අත්අඩංගුවේ දී මියයාම් සම්බන්ධයෙන් ස්වාධීන ඒකකයක්

ගංජා ළඟ තබා ගත් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 10 වනදා බැස්ටියන් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 17 හැවිරිදි හපුතලේ, කීරිමානගම ප්‍රදේශයේ පදිංචි තරුණයකු පිටකොටුව පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුලදී ගෙල වැළලාගෙන මියගොස් තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ මුලිකත්වයෙන් පැවත්වූ විමර්ශනයෙන් අනතුරුව පිටකොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වරයා මේ වන විට මඩකලපුවට මාරුකර යවා තිබේ.

කෙසේ වෙතත් දිගින් දිගටම පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් මියයෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු පරීක්ෂණ කිරීම සඳහා ස්වාධීන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා යෝජනාවක් පොලිස්පතිවරයාට යොමු කර ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු වන නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍යට පවසා තිබේ.




2018-01-13
Advertisement

Find us on Facebook