English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලසන්ත සම්බන්ධව යුක්තිය කෝ....


සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘෘ ලසන්ත වික්‍රමතුංග ඝාතණය කර පසුගිය ජනවාරි 08 වන දිනට වසර 9ක් සම්පුර්ණ විය. මහින්ද රෙජීමය පරාජය කිරීම සදහා එක්වු එක් වූ බලවේගයන් හි ප්‍රධාන ඉල්ලීමක් වූයේ ද ලසන්ත, ප්‍රදීප් එක්නැලිගොඩ හා ශිවරාම් ඇතුලු කෘර ලෙස ඝාතණය කළ මාධ්‍යවේදීන් පිළිබදව වහා සාධරණ පරීක්ෂණයක් පවත්වා අපරාධ කරුවන්ට දඩුවම් ලබා දීම හා මෙවැනි අපරාධ ඉදිරියේ දී ඇති නොවන ලෙසට අවශ්‍ය පසුබිම සකසන ලෙසයි.

සමහර මාධ්‍ය ආයතන ගිනි තබද්දී, තහනම් කරද්දී, මාධ්‍ය වේදීන් පැහැරගෙන ගොස් කෘර ලෙස හිංසා කරද්දීත් හා මාධ්‍යවේදීන් ගෙන්වා මරණීය තර්ජනය කරද්දීත්, ලසන්ත නොබියව මේ රටේ යුක්තියල ප්‍රජාතන්ත්‍රවායද වෙනුවෙන් තම පෑණ මෙහෙය වීය. තර්ජන, බියගැන්වීම් හෝ එදා ක්‍රියාත්මක වූ විවිධාකාරයේ අල්ලස් ලබා දීමෙන් ලසන්ත නවතා ලිය නොහැකි බව තේරුම් ගත් මිනීමරැ පාලකයන් ඉතා සූක්ෂම ලෙස කෘර හා මේලේච්ඡ අයුරින් ලසන්තව ඝාතණය කරණු ලැබීය.

ගිනි මධ්‍යහනයේ, අධිආරක්ෂිත කලාපයක් තුළ, දෙනෝදාහක් බලා සිටිය දී ඒ ආකාරයෙන් ලසන්තව ඝාතණය කිරීමෙන් මුලු මහත් සමාජයම බියගන්වා නිහඩව තැබීම මිනීමරැවන්ගේ උපක්‍රමය වූවත්, ලසන්තගේ ඝාතණයත් සමග යම් කිසි නිහඩත්වයක හා පසු බෑමක සිටි ප්‍රගතිශීලීන් නොබියව ඉදිරියට පැමිණීමත්,  ප්‍රසිද්ධියේ තම විරෝධය ප්‍රකාශ කිරීමත්, මහින්ද රාජපක්ෂ රෙජිමය ගෙදර යැවීම සදහා තැබු පලමු පියවර වශයන් ලසන්තගේ මරණය හැදින් විය හැක.

ප්‍රථම වතාවට විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන එකට එක්වී කටයුතු කිරීම ලසන්තගේ ඝාතණයෙන් පසුව ආරම්භ වූ අතර, ජීවත්වීමට ඇති නිදහස හා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම ඇති අයිතිය වෙනුවෙන්, එසේ ආරම්භ වූ ක්‍රියාකාරී සාමාජ සංවිධනයක් වූයේ නිදහසේ වේදිකාවයි. 2008 වසරේ දීම ලසන්තගේ මරණයෙන් පන්නරය ලබා ආරම්භ වූ නිදහසේ වේදිකාව විවිධ බාධක හා දුෂ්කර තා මධ්‍යයේ රට වටා යමින් මිනීමරැ රෙජීමයට එරෙහිව මේ රටේ ප්‍රගතිශීලීන් ගොනු කරනු ලබන ප්ධාන දේශපාලන වේදිකාවක් බවට පත් විය.

ඉන් පසුව තවත් එවැනි සිවිල් ව්‍යාපාර ගනනාවක් බිහි වූ අතර, එම සියලු ප්‍රගතිශිලී ව්‍යාපාරයන්ගේ ශක්තියෙන් 2015 ජනවාරි 8 දා විනාශය කරා යමින් සිටි රට නැවත නිවැරදි දිශාව වෙත යොමු කරවා ගැනීමට ඉන් හැකි විය. නමුත්.. යහපාලන රජය පත් වී දැනට අවුරැදු 3ක් ගත වී ඇතත්.. මෙම රජය ගෙන ඒම සදහා තම ජීවිතය කැප කළ ලසන්ත වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට වර්තමාණ රජය මෙතෙක් අපොහොසත් වී තිබේ..  එමපණක් නොව යහපාලන රජයේ බොහෝ නායකයන් තුළින් ලසන්ත පිළිබදව මතකය ද ක්‍රමයෙන් වියැකෙමින් යන බවක් ද පෙනෙන්නට තිබේ.





2018-01-11
Advertisement

Find us on Facebook