English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ගාමිණි එඩ්වඩ් ගේ මරණය සම්බන්ධයෙන් දිවුලපිටිය OIC අත්අඩංගුවට

දිවුලපිටිය, හුණුමුල්ල ප්‍රදේශයේ පදිංචි ගාමිණී එඩ්වඩ් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකු දිවූලපිටිය පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇතිවූ පහරදීම් හේතුවෙන් අසාධ්‍යවී මරණයට පත්වීමේ සිද්ධියට අදාළව දිවුලපිටිය පොලීසියේ හිටපු ස්ථානාධිපති වරයා අපරාධපරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත්  අතර, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් සැක මත පසුගිය ඔක්තෝබර් 02 වෙනිදා ගාමිණී එඩ්වඩ් නමැති පුද්ගලයාව අත්අඩංගුවට ගෙන 3 වැනි දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 10 වැනි දා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට අධිකරණය නියම කර තිබී ඇති අතර, පසුව ඔහු පහරදීම් තුවාල නිසා අසාධ්‍යවී රෝහල්ගතවීමෙන් පසු මරණය සිදුව ඇත.   

දිවුලපිටිය පොලිසිය ගාමිණී එඩ්වඩ්ගේ නිවසට පැමිණ ඔහු අල්ලාගෙන තිබෙන අතර, ඔහුට වරද පිළිගන්නා ලෙස බල කර ඇත. තමන් නොකළ වරදකට ගෑවෙන්නට බැරි බව කියමින් ඔහු එය ප්‍රතික්ෂේප කළ පසුත් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන පොලිස් නිලධාරීන් පසුව ඔහු රිමාන්ඩ් භාරයේ තබමින් වරින්වර පහරදී වරද පිළිගන්නා ලෙස බල කර ඇති බව වාර්තාවේ.




2018-01-03
Advertisement

Find us on Facebook