English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


උන්ගේ බස උන්ට ම අකැප ද ?


කොළඹ, දෙමටගොඩ විපුලානන්ද විද්‍යාලය දමිළ මාධ්‍ය පාසලකි. එහි සිප්සතර හදාරන්නේ දමිළ දරුවෝ දමිළ භාෂාවෙනි. එනම් ඔවුන්ගේ මාධ්‍ය දමිළ වෙයි. එහෙත් පාසල තුළ පවත්වනු ලබන කටයුතුවලදී දමිළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම පිළිබඳව එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා නිදහසට කරුණු විමසා ඇති අතර එසේ කිරිම සම්පුර්ණයෙන්ම තම සංගමය විසින් හෙළා දකින බවත් එසේ කිරීම වැරදි සහගත බවත් ලංකා ගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.   
 
ජුලී මස 15 වෙනිදා පැවති කොළඹ ප‍්‍රාදේශීය සිවිල් ආරක්‍ෂක කමිටු රැස්වීමේදි දමිළ බසින් ජාතික ගීය ගායනා කිරීම, ප‍්‍රශ්නයක් වී ඇතිි අතර, එම කමිටුව ඒ සම්බන්ධයෙන් කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිලිකර ඇත. මෙම පැමිණිලි කිරීමෙන් පසුව කොළඹ අධ්‍යාපන කාර්යාලය විසින් විපුලානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසා ඇත.
 
මෙම අඳබාල සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත්කරන ශ‍්‍රි ලංකා ගුරු සංගමය මෙසේ දන්වා සිටියි;

‘‘අදාළ ලිපියෙහි සඳහන් වන්නේ 2014.08.15දින පැවති කොළඹ ප‍්‍රාදේශීය සිවිල් ආරක්ෂක කමිටු රැස්වීමේදී විපුලානන්ද විදුහලේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම පිළිබඳ වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා අවශ්‍ය පියවර ගෙන ඒ සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම් දැනුවත් කරන ලෙසත්ය."

"ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ජාතික ගීයේ දෙමළ භාෂා පරිවර්තනයක් ඇති අතර දෙමළ මාධ්‍ය පාසල්වල එම ගීතය ගායනා කෙරේ. එසේම සිංහල හා දෙමළ භාෂා දෙකම රාජ්‍ය භාෂා ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති පසුබිමක මේ ආකාරයට කරුණු විමසීම අනවශ්‍ය ගැටළුවක් මතු කිරීමක් බවත්, එය දෙමළ මාධ්‍ය පාසල්වල විදුහල්පතිවරුන්ට කරන අනවශ්‍ය බලපෑමක් බවත් පෙන්වා දෙමු.
"

පසුගිය කාලයේ උතුරු පළාතේද මෙවැනි සිද්ධීන් වාර්තා වු අතර මේ සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා ගුරු සංගමය, ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුවත් කල බව සඳහන් කරන ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින්,  දෙමටගොඩ විපුලානන්ද විදුහලේ දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ මෙම නිදහසට කරුණු විමසීම පිළිබඳව ද සොයා බලා දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම්වරයාට ලංකා ගුරු සංගමය  ලිඛිතව දැනුවත් කළ බව "අයිතියට" පැවසීය.
-MMP



2014-08-27
Advertisement

Find us on Facebook