English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව අවබෝධයක් රාජ්‍ය ආයතන තුළ නෑ”

ජාත්‍යන්තරව තිබෙන සම්මුතීන් පිළිබඳව හෝ ඒවායින් පැවරෙන්නා වූ වගකීම් පිළිබඳව මනා අවබෝධයක් රාජ්‍ය ආයතන ලබා නොතිබීම එක්තරා දුර්වලතාවයක් බවත්, සිවිල් සංවිධාන වල බලපෑම නිසාම පමණක් රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වන බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ (නීති අංශයේ) ජේෂ්ඨ අධ්‍යක්ෂ ජෙනරාල් සී. ඒ. එච්. එම්. විජේරත්න මහතා පවසයි.

“ජාත්‍යන්තර සම්මුතීන් වලට අත්සන් කල පමණින් ඒවා ක්‍රියාත්මක කල හැකිද යන්න යමෙකුට තර්ක කල හැකිය. එය එසේ කල නොහැක. නමුත් සෑම වසර හතරකට සැරයක්ම අපට යම් කිසි බැඳීමක් ජාත්‍යන්තරය හමුවේ තියෙනව. ඒ මෙම සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව කරන ලද ක්‍රියාමාර්ග මොනවාද යන්න වාර්තා  කිරීමයි. එම වාර්තා පදනම් කරගෙන තමයි යම් යම් සම්භාදක හා බලකිරීම ජාත්‍යන්තර ප්‍රජාව විසින් සිදු කරන්නේ ”

“අපට පසුගිය වසර තුලදී තිබූ ගැටලුව තමයි, අප ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු හරියාකාරව ඉෂ්ඨ නොකිරීම. එම නිසා සෑම රාජ්‍ය ආයතන හා සිවිල් සංවිධාන වලට පැවරෙන විශාල වගකීමක් වන්නේ එම සම්මුතීන් ක්‍රියාත්මක කරවා ගැනීමයි.” යැයි විජේරත්න මහතා වැඩි දුරටත් පැවසීය.

මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යතාර්ථයක්ද....?”යන තේමාව යටතේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයවිසින් සැමරුම් උත්සවයක් දෙසැම්බර් 11 දින ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්තානයේදී පැවැත් වූ අවස්ථාවට සහභාගී වෙමිනි.

එම අදහස් පහත වීඩියෝවෙන්....





2017-12-20
Advertisement

Find us on Facebook