English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රටම ප‍්‍රචණ්ඩයි, නීති විරෝධි වැඩවලට බියක් නැහැ - පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක





"පොලිස් කණ්ඩායම් හතරක් යවලා තිබෙනවා. දෙපාර්ශවයෙන්ම ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අපක්‍ෂපාති පරික්‍ෂණයක් පවත්වලා වහාම වාර්තාවක් ඉදිරිපත්කරන ලෙසට පොලිස් මුලස්ථානයට උපදෙස් දිලා තිබෙනවා." යනුවෙන් ඌවේ පවතින මැතිවරණ ප‍්‍රචණ්ඩක‍්‍රියා පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රචාරක රැළියක වේදිකාව සරසමින් සිටි පිරිසකට වෙඩිතබා පහරදිම හා ඔවුන්ගේ මැතිවරණ කාර්යාලවලට පහරදීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා මෙසේ අදහස් දැක්වීය.

"අද ඉඳලා උපදෙස් දීලා තිබෙනවා, විශේෂයෙන්ම වැඩිපුර නිළධාරීන් යොදවලා , වැඩිපුර මාර්ග භාධක ඒ ප‍්‍රදේශවල යොදවන්න කියලා, මොකද රාත‍්‍රි කාලයේදි යෙදෙන සංචාර නැවැත්වීමට. මේ නිරූපනය වෙන්නේ නීතිය ක‍්‍රියාත්මක වීම වගේම නීතියට වඩා මේ සමාජයේ පුද්ගලයින්ගේ තිබෙන ප‍්‍රචණ්ඩත්වයයි."

රටේ පවතින නීතියට මෙල්ල කළ නොහැකි තරමට වත්මන් ශ‍්‍රී ලාංකිය සමාජයේ පුද්ගලයින් ප‍්‍රචණ්ඩ යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළේය.
 
"සමාජය තුළ මිනිස්සුන්ගේ ප‍්‍රචණ්ඩත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා තමයි ඇතැම් වෙලාවට නීතිවිරෝධි ආකාරයට කාර්යාල හදනවා, නීති විරෝධී ආකාරයට සැරසිළි කරනවා, ඊට පස්සේ ඒකට අලාබයක් වුනාම ඒක කාර්යාලයක් විධියට සමහරු සඳහන් කරනවා. ඒ නිසා සමහර තැන්වල මැතිවරණ නීති උල්ලංඝනය වෙනදේවල් තියෙන්න පුළුවන් , අපි ඒවා ඉවත් කරනවා. නමුත් හැම අවස්ථාවකදීම සියලූ පාර්ශවකරුවන්ගේ සහය අපි අපේක්‍ෂා කරනවා." යැයි වැඩිදුරටත් ඔහු ප‍්‍රකාශ කළේය.

-MMP



2014-08-27
Advertisement

Find us on Facebook