English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සුළු ජාතීන් බලය ඉල්ලන්න හේතුව සුමන්තිරන් මහතා සරළව දකුණට පහදයි.

රටේ ස්ථීර බහුතරයක් හා ස්ථීර සුළුතරයක් සිටින විට සමහර තීන්දු තීරණ ගන්න අවස්තාවලදී බහුතරයට වාසිදායක වන බැවින් ආණ්ඩු බලය බෙදා දෙන ලෙස සුළු ජාතීන් ඉල්ලන්න හේතුව දකුණේ වෙසෙන සිංහල බහුතර ජනතාවට ඉතාමත් සරළ උදාහරණ ගෙනෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ඊයේ (24) මාතරදී පැහැදිළි කළේය. ඒ “ හැට දෙලක්ෂය සීරුවෙන් ” මැයෙන් පවත්වනු ලැබූ සත්‍යග්‍රහයට සහභාගී වෙමිනි.

හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරය විසින් යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට ආණ්ඩුවට බලකරමින් තුන් වන වරට ඊයේ (24) මාතර ධර්මපාල වටරවුම අසලදී මෙම සත්‍යග්‍රහය පැවැත්විය. මෙහි විශේෂත්වය වුයේ උතුරේ සුළුතර දෙමල ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා සහභාගී වීමයි.

එහිදී ඔහු කළ කතාව පහතින් දැක්වේ...




2017-11-25
Advertisement

Find us on Facebook