English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ජනතාව මැදිහත් නොවුනානම් අද සිම්බාබ්වේ මෙන් හෙට ලංකාවෙත්!

ප්‍රජාතන්ත්‍රවාදී රටක, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක යම්කිසි එකාදිපතියකුගේ ගමන නතර කරගත නොහැකිනම් අවසානයේදී ඒ ගමන නතර වන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වලින් හා මහා විනාශයකිනි. අප්‍රිකාවේ රටක් වන සිම්බාබ්වේ හි රොබට මුගාබේ ජනාධිපති 1980 සිට මේ දක්වා රට පාලනය කළා. ඔහු මුලින් අගමැති වී, පසුව ජනාධිපති වී අපේ රටේ මහින්ද රාජපක්ෂ කලාක් මෙන් තමුන්ට අවශ්‍ය විදියට ව්‍යවස්ථාව පවා වෙනස් කරගනිමින් රට පාලනය කළා.

මුගාබේගේ පාලනය 1980 සිට අවරුදු 37කි. සෑම මැතිවරණයක්ම ඉතාමත් දුෂිත, වංචාසහගත ලෙස ඔහු ජයග්‍රහණය කරන්නේ 90% හා 95% ප්‍රතිශත වලිනි. පොලීසිය, අධිකරණය හා රාජ්‍ය සේවය ඇතුළු සියලුම දේවල් තමන්ගේ අතට ගෙන පවුලේ බුදලයක් ලෙස දීර්ඝ කාලය තිස්සේ ඔහු පාලනය ගෙන ගියා.

සිම්බාබ්වේ පුරවැසියාට බැරි උනා මේ මිනිහව වෙනස් කරගන්න. ඊට හේතුව ඒ සමාජය ඉතාමත් දුර්වල වීම නිසා ඒකාධිපතියකුට වැඩෙන්න, පෝෂණය වන්නට අවශ්‍ය කරන පරිසරය ඒ රට තුල නිර්මාණය වෙලා තිබුණා. කෙසේ වෙතත් පසුගියදා හමුදාවේ මැදිහත් වීමෙන් මුගාබේ පාලනය පෙරළා දමා බලය ලබා ගත්ත. හෙට කොහොම වෙතත්,අද වෙනකොට නම් මුගාබේ නම් රාජ්‍ය නායකයා නිවාස අඩස්සියේය.

මෙහිදී මහජනතාවට පුළුවන් උනේ නෑ එකාධිපතියගේ ගමන නතර කරන්න. හමුදාවක් මෙලෙස මැදිහත් වීම හොඳ දෙයක් නොවේ. නමුත් මහජනතාව මැදිහත් වීමට අවශ්‍ය වෙලාවේදී මැදිහත් නොවීම නිසා හමුදාවට මෙහිදී මැදිහත් වීමක් කරන්න සිදු වුණා.

එම නිසා මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ මහජනතාව මැදිහත් නොවුනානම් සමහර විට අද සිම්බාබ්වේ රාජ්‍යයේ මෙන් යම් කාලයකදී අපේ රටෙත් හමුදාවට මෙලෙස මැදිහත් වීමට ඉඩ තිබුණා. නමුත් අපේ රටේ මිනිස්සුන්ට පුළුවන් වුණා මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති ගමන නතර කරන්න. එම නිසා දැන් අපේ මිනිසුන් යම්කිසි හුස්ම ගැනීමේ අවකාශයක් ඇතිකරගෙන තියෙනවා. නමුත් මෙය හුස්ම ගැනීමේ අවකාශයක් පමණයි.

දේශපාලඥයෝ ගැන විතරක් විශ්වාසය තබාගෙන සිටීමෙන් පලක් නැත. කෙසේ රට පාලනය විය යුතුද යන්න ජනතාව තුලත් අවබෝධයක් තිබිය යුතුය. මෙම අවබෝධය පණක් ප්‍රමාණවත් වන්නේද නැත. ඒ අවබෝධය අනුව කටයුතු කිරීමටත් ජනතාව ඉදිරිපත් විය යුතුය.




2017-11-22
Advertisement

Find us on Facebook