English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශීලාචාර දේශපාලන සංස්කෘතියක් උදෙසා කාන්තා නියෝජනය වැඩිවිය යුතුයි. - ලුෂන් බුලත්සිංහල

“1932 සිට කාන්තාවට ඡන්ද බලය ලැබුණට මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුව්හය තුළ කාන්තාව සක්‍රීය චරිතයක් බවට පත් වුනේ නෑ. ඊට හේතුව අපි ප්‍රජාතන්ත්‍රවාදයට මාරු උනත් අපේ රටේ ජනතාව තුල තිබුනේ අර පරණ වැඩවසම් රජ කාලේ චාරිත්‍ර වාරිත්‍රයි. ඒ වැඩවසම් ක්‍රමය තුල කාන්තාව තවත් වහලියක් පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒ වහල් කමින් සියළු දෙනා මුදවා ගත්ත දේශපාලනික ජයග්‍රහණයක්. ඒ දේශපාලන ජයග්‍රහණය පවත්වාගෙන යාමට නම් කාන්තාවන් විසින් වැඩි බලයකින් පාලනය කර ගන්න සංස්කෘතියක් බවට දේශපාලනය පත් කර ගත යුතුයි.” යැයි ප්‍රවීණ කලාකරු ලුෂන් බුලත්සිංහල මහතා පවසයි.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාතර පැවති කාන්තාවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකට සහභාගී වෙමිණි.

“මවක් තමයි දරුවන් රැක බලා පෝෂණය කරන්නේ, ඒ වගේම තමයි රටක් ජාතියක් රැකගන්නත් එවැනිම අම්මාවරු බිහිවීම අවශ්‍ය වුවත් එය වෙනුවට තමන්ගේ පවුලේ ඥාතීත්වයෙන් බලයට පැමිණීම මිසක් සංවිධානාත්මකව යම් කිසි අධ්‍යනයක් ඔස්සේ දේශපාලනයට ඒමට කාන්තාවන්ට මෙතෙක් කල් හැකිවී නොමැත. තවදුරටත් මෙම තත්වය පිරිමින්ට පමණක් භාර කර කාන්තාව පැත්තකට වීමෙන් පලක් නෑ. මොකද ? පිරිමින් විශ්වාස කල නොහැකි නිසා.

ලෝකයේ ඉන්න ශීලාචාර මිනිස්සු වීමටනම අපි දියුණු දේශපාලනික සංස්කෘතියක් ඇතිකරගත යුතයි. ලෝකයේ අනිත් රටවල් බැලුවම අපි තවමත් ඉතාම අශීලාචාර ජාතියක් හැටියටයි පිළිඅරන් තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ හැසිරීම, දේශපාලනික ක්‍රියාකාරීත්වය වෙනත් රටවල් හා බැලුවම ඉතාම අශීලාචාරයි. එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. මේ දේශපාලනික සංස්කෘතිය අපි වෙනස් කර ගත යුතුයි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම අත්‍යවශ්‍යයි” යයිද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




2017-11-20
Advertisement

Find us on Facebook