English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බුදුරුව පච්ච කෙටීමේ සිද්ධිය : රජයේ පිළිකුළ ප්‍රකාශයට පත් කර, නඩුකාරයාව ධූරයෙන් පහකළ යුතුයි. - බැසිල් ප්‍රනාන්දු

2014 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික කාන්තාක් සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටාගෙන පැමිණීම හේතුවෙන් රටින් පිටුවහල් කිරීමේ සිදුවීමෙන් ලංකාවේ අධිකරණ ක්‍රමය කොපමණ තරම් විකුර්ති වී ඇතිද යන්න ප්‍රකාශ වන අතර නඩුකාර වරයාගේ නීතියේ දැනීම කොතරම්ද කියතොත් මහේස්ත්‍රාත් උසාවියකට මිනිසුන්ව රටෙන් පිටුවහල් කිරීමේ බලයක් නොමැති බවවත් ඔහු නොදන්නා බව ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙවැනි නඩුවක් දැක්ක ගමන් විසිකර දමා, ඇයට ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා වෙනුවට, පොලිස් නිලධාරීන්ගේ උවමනාවට නඩුව විභාග කර, ඇය වෙනුවෙන් නීතිඥයකු පවා පෙනී සිටීමට තරම් කාලයක් වත් නොදී ක්‍රියා කිරීමෙන් උසාවියේ නඩුකාරවරයාගේ බුද්ධියේ හා හැසිරීමේ විශාල අඩුවක් තිබෙන බවත් ඔහු පෙන්වා දෙයි.

කෙසේ වෙතත් එම නඩුකාර වරයාට ඇය කතා කළ ඉංග්‍රීසි භාශාවවත් නොතේරුණ බව පසුව ඇය සඳහන් කර තිබුණි.

“පච්ච කෙටීම මොනම නීතියක් යටතේවත් අපරාධයක් නොවේ. නමුත් මෙම සිදුවීමෙන් ජාත්‍යන්තරය ඉදිරියේ මේක අමන පිස්සු රටක් බවට පත් වී තිබෙනවා. එම නිසා රජයට යුතුකමක් තිබෙනවා රජය වෙනුවෙන් එම කාන්තාවගෙන් සමාව ඉල්ලන්නත්, මේ සම්බන්ධයෙන් පුර්ණ පරීක්ෂණයක් කර නඩුකාරවරයාව සේවයෙන් පහ කිරීමටත් ” යැයි බැසිල් මහතා වැඩිදුරටත් පවසයි.

එම අදහස් පහතින්...





2017-11-20
Advertisement

Find us on Facebook