English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සිිදුවීම් රාශියකින් පසුව මැතිවරණ කටයුතු භාර ජෙ. නි. පො. අවදි වෙයි !

"පක්‍ෂග‍්‍රාහී වෙන්න එපා. මැතිවරණ නීතිය තිතට ඉටුකරන්න. නොසැළකිල්ලෙන් යුතුව රාජකාරි කරන පොලිස් නිළධාරීන්ට එරෙහිව දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නවා."යැයි මැතිවරණ කටයුතු භාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රකාශ කරයි.
 
මැතිවරණ නීති ක‍්‍රියාත්මක කිරීමේදි පක්‍ෂග‍්‍රාහිව හෝ නොසළකාහරිමින් කටයුතු කරන පොලිස් නිළධාරීන්ට එරෙහිව දැඩි විනය කි‍්‍රයාමාර්ග ගන්නා බව දන්වා සිටින මැතිවරණ කටයුතු භාර ජේ්‍යශ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා,  කිසිඳු පක්‍ෂ, පාට භේදයකින් තොරව නීතිය ක‍්‍රියාත්මක කිරිම පොලීසියේ වගකීමක් බවත් තම ප‍්‍රදේශවල මැතිවරණ නීතිය අකුරටම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මූලස්ථාන පොලිස් පරික්‍ෂකවරුන් හා පොලිස් ස්ථානාධිපතිවරුන් වගකීම ගත යුතු බවත් ඌව පළාත් ජ්‍යෙශ්ඨ පොලිස් නිළධාරීන් හට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

පසුගිය දින කිහිපය පුරාවට ම ඌව පළාතෙන් අසන්නට ලැබුුණේ, යම් යම් පිිරිස් විසිින්  රටේ පවතිිින නීීතිය හා බලය අතට ගැනීීම හේ්තුුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය වීම් සහ ඒ් තුුළ හට ගත් භීීෂණකාරි තත්ත්වයන් පිිළිිබඳවය.

වරෙක ඇසුණේ පොලිසියට පැමිණිලි කළ ද ඔවුන් පැමිණියේ සිද්ධිය නිමවු පසුව කියාය. වරෙක ඇසුණේ පොලිසිය බලා සිටිය දීම ප‍්‍රහාරයන් එල්ල වු බවය. වරෙක ඇසුණේ පොලිසිය පිහිටා ඇති ඉසව්වේම මැරයින් ආයුධ සන්නද්ධව නිදහසේ සැරිසැරූ බවය. මේ සියලූමදේ සිදුවුයේ පොලිසියේ රාජකාරිය ඉටුකළ යුතු නිළධාරීන් නිරුපද්‍රිතව කොතැන හෝ ඉසව්වක සිටිය දීය.

එසේ කොතැන හෝ ඉසව්වක සිටිය පොලිස් නිළධාරීන්ට ම දැන් නැවත වරක් මැතිවරණ කටයුතු භාර ජේ්‍යශ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා ගෙනෙන අවවාදය බීරි අලින්ට වීණා වැයුවා වාගේ වේවි ද නැතහොත් ක‍්‍රියාත්මක වේවි ද ?

මැතිවරණ කටයුතු භාර ජේ්‍යශ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න මහතා විසින් ද එවැනි ලිඛිත ඉල්ලීමක් කරන්නට පෙළඹී ඇත්තේ, මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය දිනවල මොණරාගල දිස්ත‍්‍රික්කයේ සිදුකළ සංචාරයකදි ඇතැම් ප‍්‍රදේශවල නීතිවිරෝධි මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් ඉවත්කර නැති බව සියැසින් ම දුටු බව මැතිවරණ කටයුතු භාර ජේ්‍යශ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා වෙත දැනුම් දීමෙන් අනතුරුවය.

ඡායාරූපය -  කැෆේ සංවිධානය
-MMP



2014-08-27
Advertisement

Find us on Facebook