English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ව්‍යවස්ථා‍ සම්පාදක මණ්ඩල යෝජනාවට විරුද්ධ නොවුණේ ඇයි? මහින්දගෙන් විපක්ෂ නායක ප්‍රශ්න කරයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයෙන් රට බෙදෙනවා යැයි පවසන්නේ නම් පාර්ලිමේන්තු ව්‍යවස්ථා‍ සම්පාදක මණ්ඩල යෝජනාවට විරුද්ධ නොවුණේ කුමක් නිසාදැයි විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහ‍තාගෙන් පාර්ලිමේන්තුවේ දි ඊයේ (16) ප්‍රශ්න කර සිටියේය.

2016 මාර්තු 09 දින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන යෝජනාව ඒකමතිකව සම්මත කිරීමේ දී රාජපක්ෂ මහතා විරුද්ධ නොවුන බව සිහිපත් කළ සම්බන්ධන් මහතා ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට දැන්විරුද්ධ වන්නේ මන්දැයි විමසා සිටියේය.

වසර දහයක කාලයක් ජනාධිපතිවරයකු ලෙසත්, තවත් වසර දහයක් චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය කාලයේදීත් රට පාලනයට දායක වූ රාජපක්ෂ මහතා දහතුනට එහාගිය විසඳුමක් ලබාදෙන බවත්, නව ව්‍යවස්ථා සම්පාදනයක් රටට අවශ්‍ය බව ප්‍රකාශ කළ බවත් විපක්ෂනායකවරයා සිහිපත් කළේය.

නව ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පවා ඇතුළත් කර දැන් ඊට විරුද්ධ වන්නේ කවර හේතුවක් නිසාදැයි නොදන්නා බවත්, එලෙස විරුද්ධ වීමෙන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදෙන්නේ නොමැති බවත් සම්බන්ධන් මහතා පැවසීය.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ දී ඒ පිටුපසින් ඩී. ඒ. රාජපක්ෂ මහතා සිටි බව සිහිපත් කළ සම්බන්ධන් මහතා එම පක්ෂයේ සාමාජිකයකු වන රාජපක්ෂ මහතාට ඇති ගෞරවය රැක ගැනීමට දායකවන ලෙසත් ඉල්ලා සිටියේය.

එමෙන්ම රාජපක්ෂ පාලන සමයේ දී ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී පොරොන්දු වු කරුණු ඉටුකිරීමට කැපවන ලෙසද මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. රාජපක්ෂ සමයේ දී ප්‍රතිසන්ධාන කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට දායකවන ලෙසත් බැසිල් රාජපක්ෂ මහතා 2008 වසරේ දී ඉන්දියාවේ දී මේ පිළිබඳව සාධනීය ප්‍රකාශයක් සිදුකර ඇති බවත් විපක්ෂනායකවරයා සිහිපත් කළේය.

පසුගිය රජය ඉටු නොකළ මෙම කාර්යය ඉටුකිරීමට‍ වත්මන් රජයට ජනවරමක් ලැබී ඇතැයි ද ඊට සහාය දක්වන ලෙසත් සම්බන්ධන් මහතා පැවසීය.   


උපුටා ගැනීම - දිනමිණ




2017-11-17
Advertisement

Find us on Facebook