English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ශ්‍රද්ධාව වැඩිකමට ප්‍රඥාව ගිලිහුන නිලධාරීන්ට නීතිය විකුර්ති කලාට දඬුවම්

2014 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික මිචෙල් කොල්මන් නමැති කාන්තාව සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටාගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබු අතර, එසේ අගතියට පත් කාන්තාව වෙනුවෙන් අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 6ක වන්දියක් ගෙවන ලෙස ඊයේ (15) නියෝග කළේය.

රජයෙන් රුපියල් ලක්ෂ 5ක් සහ ඉතිරි රුපියල් ලක්ෂය ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50000 බැගින් ගෙවන ලෙසත්, ශ්‍රී ලංකා රජයට නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක් ගෙවන ලෙසටත්  එසේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත් අවස්ථාවේදී ඒම කාන්තාව තමන් බුදුදහම හදාරලත් තියෙන බවත්, භාවනා කිරීම සඳහාත් යන බව පැවසුවත්, නීතිය අභිබවා ගොස් ආගමන විගමන නිලධාරීන්ගේ රාජකාරිය තමන් කරන්න යෑමෙන් පොලිස් නිලධාරීන්ටද එසේ වන්දි ගෙවීමට සිදුවිය.




2017-11-16
Advertisement

Find us on Facebook