English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තාජුඩීන් නඩුව - අධිකරණ වෛද්‍ය වරයා හිතාමතාම අධිකරණ නියෝග කඩ කර ඇති බවට චෝදනා

     

2017/11/08 දින තාජුඩින් ඒ රගර් ක‍්‍රීඩකයාගේ මරණයේ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස අධිකරණයේ නම් කරන ලද හිටපු නියෝජය පොලිස්පති අනුර සේනානායක සහ නාරංහෙන්පිට අපරාද අංශයේ පොලිස් ස්ථානාධිපති වසර 01 කට වැඩි රිමන් බන්ධනාගාරව සිට ඇප මත මුදාහැර ඇති අතර එදින මේ සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනි සිටියත් හිටපු අධිකරණ වෛද්‍ය තුමා ඇප පිට සිටියත් අධිකරණයට පැමිණ සිටියේ නැත.

එයට හේතුව ඔහු ජාතික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගන්නා බවට ඔහුගේ නිතිඥයින් උසාවියට කියා සිටියත් ඔහුට වෛද්‍ය ජාතික රෝහලෙන් නිකුත් නොකිරීම නිසා නඩුකාර තුමාට කරුණු පැහැදිලි කිරීමේදි අගතියට පත් රගර් ක‍්‍රිඩකයා වෙනුවෙන් පෙනි සිටි නිතිඥයෙන් කියා සිටියේ ඔහු හිතාමතාම අධිකරණ නියෝග කඩ කර ඇති බැවින් ඔහුට වරෙන්තු නිකත් කරන ලෙසයි.

නමුත් ඒ අවස්ථාවේ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිය වෙනුවෙන් පෙනි සිටි තිදෙනා වෙනුවෙන් තවත් නිතිඥයන් දෙදෙනෙක් පැමිණ, ඊලඟ නඩු දිනයේ අනිවාර්යෙන් වෛද්‍ය වර්තාව ඉදිරිපත් කිරීමට ඉල්ලීමක් කලේ විනිසුරු තුමාද ඒ අවස්ථාවේ අපහසුතාවට ලක් කරමිනි.

යහපාලනය රාජ්‍ය පාලනයට ගෙන එන විට සෑම ඡන්ද රැස්වීමක පැවසුවේ මෙම ආසාධාරණ අභිරස් මරණවලට වගකිව යුතු අයට දඩුවම් ලබා දෙන බවයි. නිතිඥ මහතුන් දෙපැත්ත බෙදි හෘද සාක්‍ෂියට විරුද්ධව සේවාදායකයා යම් වරදක් කර ඇති බව දැන දැනත් තම ගාස්තුව උදෙසා යම් මහන්සියක් ගනිමින් විනිසුරුන් ද මංමුලා කිරීමට උත්සහා ගනී.

කෙසේ වෙතත් මෙම ක‍්‍රිඩකයා දුශිතයෙක්ද, මෙම රටට වින කරපු අපරාධ කාරයෙන්ද නොව. ඔහුගේ ශාරීරයේ අවයව කොටස් අස්ථාන ගත කිරීම මත හිටපු අධිකරණ වෛද්‍ය නිළධාරියා උසාවියට පැමිණ උසාවියේදී තමා විසින් කරන ලද නියෝග පාපොච්චාරණය කළ යුතුව ඇත. 2017/11/30 වෙනිදා උසාවියට පැමිණේ යැයි. අගතියට පත් පාර්ශවය බලාපොරොත්තු වෙයි.

 

ඩබ්.කේ.ඒ.අනුර ගුණවර්ධන




2017-11-13
Advertisement

Find us on Facebook