English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හැට දෙලක්ෂය සීරුවෙන්.... නොවැම්බර් 24 මාතර

යහපාලන රජය නිවැරදි මාවත දිගේ ගෙන යාම සදහාත්, රාජපක්ෂ තන්ත‍්‍රය යළි බලයට පැමිණීමේ සැලසුම් පරාජය කරමින්, මෙතෙක් කල් අසමත්ව ඇති හෝ පැහැර හැර ඇති කාර්ය භාරය නව රජය හරහා ඉෂ්ට සිද්ධ කරවා ගැනීම සඳහාත්, ආණ්ඩුව කෙරෙහි මහජන බලපෑමක් ඇති කිරීමේ තේරුමෙන් හැට දෙලක්ෂය සීරුවෙන් මහා සත්‍යග‍්‍රහය නොවැම්බර් 24 මාතර දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පුරවැසි බලය, සාධාරණ සමාජයක් සදහා වූ ව්‍යාපාරය, නිදහසේ වේදිකාව, වීදියේ විරෝධය ඇතුලූ සිවිල් සංවිධාන ගණනාවක් එක්ව ගොඩනැගූ හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැුකගැනීමේ ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කරනු ලබන අතර, නොවැම්බර් 24 පැවැත්වෙන්නේ මෙම සත්‍යග‍්‍රහ ව්‍යාපාරයේ තුන් වැන්නයි. අගෝස්තු 15 වන දින කොළඹ දීත්, ඔක්තෝබර් 3වන දින මහනුවරදීත් මෙම සත්‍යග‍්‍රහ ව්‍යාපාරය විශාල ජන සහභාගීත්වයකින් පැවැත් විය.

කොළඹට වඩා වැඩි ජනබලයක් නොවැම්බර් 24 මාතර පැවැත්වෙන සත්‍යග‍්‍රහය සදහා සහභාගී වනු ඇති බවත්, ඒ සදහා විශාල උද්යෝගයක් මේ වන විට නිර්මාණය වී ඇති බවත්, පුජ්‍ය පක්ෂය, දේශපාලන පක්ෂ නායකයන්, වෘත්තීය සමිති, කළාකරුවන්, සිවිල් සමාජ නායකයන් ඇතුලූ විශාල පිරිසක් මෙම සත්‍යග‍්‍රහය සදහා සහභාගී වන බවට දැනටමත් තහවුරු කර ඇති බව එහි සංවිධායකයෙකු අයිතිය හා පැවසීය.

නොවැම්බර් 24 වෙනුවෙන් නිකුත්කළ නිවේදය පහත දැක්වේ,



හැට දෙලක්ෂය සීරුවෙන්.... නොවැම්බර් 24 මාතර

2015 ජනවාරි 8 හා 2015 අගෝස්තු 17 දා, මේ රටේ ජනතාව දෙවතාවක්ම මහින්ද රාජපක්ෂ පාලනය ප‍්‍රතික්ෂේප කරමින් වර්තමාන පාලකයන් වෙත ජන වරම ලබා දුන්නේ, එදා රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ මහ පරිමාණ ¥ෂණ, වංචා ගැන මෙන්ම, සාහසික දේශපාලනික අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන දඬුවම පැමිණවීමේ මූලික පොරොන්දුව පිට ය. ඒ සමගම, රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පාලන ක‍්‍රමය ආපස්සට හරවමින්, සියලූ ජාතීන්ට එකට ජීවත් විය හැකි, ජාතික සහ ආගමික සහජීවනයෙන් යුත් සාමකාමී සමාජයක් ඇති කිරීමේ පොරොන්දුව පිට ය.

පැවති මහින්ද රාජපක්ෂ පාලනයට සාපේක්ෂව, ඉහත කී කරුණු අරභයා වර්තමාන ආණ්ඩුව යම් ඉදිරි දුරක් පැමිණ ඇති බව අපි පිළිගනිමු. ඊට අමතරව, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටීමත් අපේ ප‍්‍රසාදයට ලක්වෙයි.

මේ සියලූ සාධනීය කරුණු එසේ තිබියදී, රාජපක්ෂ පාලන කාලයේ දුෂිතයන් සහ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන ඇල්මැරුණු ප‍්‍රතිපත්තිය අපි හෙළාදකිමු. දුෂිතයන් සහ දේශපාලනික අපරාධකරුවන් සම්බන්ධයෙන් වන විවිධ චෝදනා නීතිය ඉදිරියේ කඩිනමින් විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස නොයෙක් වර අප ඉල්ලා ඇතත්, මේ දක්වා ඒ සම්බන්ධයෙන් පියවරක් ගෙන නැත.

එසේම, මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් වූත්, මේ රටේ බහුතර ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූත්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ඉල්ලීම මගහැර යාමට මේ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කටයුතු කරනු දක්නට ලැබේ. ඇතැම්හු මේ ක‍්‍රමය දිගටම පවත්වා ගත යුතුව ඇති බවත් කියති. නමුත් යහපාලන ආණ්ඩුවට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ පරම වගකීමෙන් මගහැර යාමට අප ඉඩ තැබිය යුතු නැත.
අවුරුදු තිහකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයට තුඩුදුන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් විය හැකි බලතල බෙදාහදා ගැනීමේ දේශපාලන ක‍්‍රමයක් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ ඇති කර ගැනීමට මේ අතර අප පෙරමුණ ගත යුතුව තිබේ. ජාතිවාදී සහ ආගමික අන්තවාදී ඇතැම් කොටස් එවැනි බලතල බෙදාහදා ගැනීමක් වළක්වාලන මතවාද ගොඩනගමින් සිටින අතර, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ද ජාතිවාදී බලවේග ශක්තිමත් කරන ආකාරයෙන් වක‍්‍රාකාරයෙන් කටයුතු කරන බව පෙනෙන්ට තිබේ.

මේ ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා කටයුතු කළ සිවිල් සමාජ ව්‍යාපාර මේ ආණ්ඩුව නිවැරදි මාවත දිගේ ගෙන යාම අප වෙත පැවරෙන වගකීම වන අතර එය හැම අයුරකින්ම ඉටු කළ යුතුව ඇත. රාජපක්ෂ තන්ත‍්‍රය යළි බලයට පැමිණීමේ සැලසුම් පරාජය කරමින්්, මෙතෙක් කල් ආණ්ඩුව අසමත්ව ඇති හෝ පැහැර හැර ඇති කාර්ය භාරය ඉෂ්ට සිද්ධ කරවා ගැනීම සඳහා ආණ්ඩුව කෙරෙහි මහජන බලපෑමක් අඛන්ඩව ඇති කල යුතුව ඇත.
එම අරමුණෙන් 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැප වූ සිවිල් සංවිධාන සියල්ල එක්වී ගොඩනගා ගත් හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැුකගැනීමේ ව්‍යාපාරය විසින් පසුගිය අගෝස්තු 15 වන දා කොළඹ දී හා ඔක්තෝබර් 03 දා මහනුවර දී විශාල ජන සහභාගීත්වයකින් යුතුව යෝධ සත්‍යග‍්‍රහය දෙකක් පවත්විමන් අප අපගේ ශක්තිය පෙන්වා සිටියෙමු.

එහි තුන්වන පියවර නොවැම්බර් 24 මාතර නගරයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ සදහා ඔබගේ සහභාගීත්වය මෙන්ම මෙය සාර්ථක කර ගැනීම සදහා ඔබගේ උපරිම සහයෝගය අප ඉතාමත් අගයකොට
සලකමු.

කැදවූම්කාර මණ්ඩලය වෙනුවෙන්,
පුජ්‍ය දඹර අමිල හිමි, මහාචාර්ය සරත් විජේසුරිය, ගාමිණි වියන්ගොඩ, නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන, සමන් රත්නප‍්‍රිය, ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, පිලිප් දිසානායක, අධිනීතිඥ ලාල් විජේනායක, සම්පත් රාජිත, උදේනි වික‍්‍රමසිංහ, බි‍්‍රටෝ ප‍්‍රනාන්දු, ලූෂන් බුලත්සිංහල, නීතිඥ සුදර්ශන ගුණවර්ධන, මහින්ද රත්නායක




2017-11-10
Advertisement

Find us on Facebook