English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකා ඊ නිවුස් වාරණය පිලිකුලෙන් යුතුව හෙලා දකිමු
ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් අප සමග එක්ව අඛන්ඩව නොබියව පෙනී සිටි ලංකා ඊ නිවුස් වෙබ් අඩිවිය නිල නොවන අන්දමින් වාරණය කර තිබීම පිළිබදව අපගේ බලවත් අප‍්‍රසාදය පලකරමින් එය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.



තොරතුරු දැනගැනීමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස ස්ථාපිත කර ඇති මේ මොහොතේ තොරතුරු ලබා ගැනීමේ ප‍්‍රවේශයන් මේ අයුරින් අත්තනෝමතිකව අවහිර කිරීම 2015 ජනවාරි 08 ඇති කළ වෙනස වෙනුවෙන් කැප වූ කිසිවෙකු අනුමත නොකරනු ඇති.

පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීමය යටතේ වාරණයන්, බිය ගැන්වීම්, මරණ තර්ජනයන් මෙන්ම තම කාර්යාලය ගිනිබත් කර දමා තිබිය දීත්, ඉන් නොසැලී සාමය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 2015 ජනවාරි 08 වෙනස වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ද සැපයීය.

මේ සම්බන්ධව වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඊ නිවුස් වාරණයට තම විරෝධය ප‍්‍රකාශ කර තිබේ. එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය
- 2017 නොවැම්බර් 09

ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහි වාරණයට අපගේ විරෝධය


ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ප්‍රවේශ වීමට ඇති හැකියාවට බාධා පමුණුවමින් ඊයේ දිනයේ සිට වාරණයක් ක්‍රියාත්මකව පවති.

පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධි රාජපක්ෂ පාලන සමය පෙරලා දමා යහපාලනයක් මෙරට තුල ස්ථාපිත කිරිම සදහා විවිධ තර්ජණ හමුවේ වුව වෘත්තිය වෙබ්මාධවේදින්ගේ සංගමය තිරාණනාත්මක මැදිහත්විමක් සිදුකරන ලදි.


අපගේ මේ ක්‍රියාකාරිත්වය හේතුකොට ගෙන ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය ද ඇතුළුව වෙබ් අඩවි 08 ක් එකල වාරණයකට ලක්ව තිබුණි.


මේ සියළු මර්ධනයන් හමුවේ වුව අප කොන්දේසි විරහිතව අපේ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කරමින් මේ රටතුල යහපාලනයක් ස්ථාපිත කිරිමට 2015 ජනාවාරි 08 වෙනිදා දායකවුනෙමු.
ඊට පසුදිනම වාරණයට ලක්ව තිබුණ ටැමිල් නිව්ස් වෙබ් අඩවියද ඇතුළුව වෙබ් අඩවි සියල්ලේ ම වාරණය ඉවත් කරගැනිමට අපට හැකි විය.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය දැන් යහපාලනය යටතේද යළිත් වරක් වාරණයකට ලක්ව තිබේ. වෙබ් මාධ්‍යකරණයේ නිදහස පිලිබදව එදා පෙනි සිටි අප සංගමය මේ සිදුකර ඇති වාරණය පිළිබදව යහපාලනයක් යටතේ කිසිලෙසකින් වත් සිදුනොවිය යුතුව ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු.

ආචාරධාර්මික වෙබ් මාධ්‍ය කලාවක් මෙරට තුල ස්ථාපිත කිරිම අරමුණු කොට ගෙන අප විසින් සකසා ඇති ආචාරධර්ම වලට එලෙසින්ම අනුකුල නොවන අකාරයේ මාධ්‍යකරණයක ලංකා ඊනිව්ස් වෙබ් අඩවිය නියැලුනද එය වාරණයකට ලක්කිරිම කිසිසෙත්ම අනුමත නොකරමු.

මේ අනුව අප ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මෙම වාරණ තින්දුව ගැන යළිත් සිතා බලන ලෙසය.

එපමණක් නොව රටතුල ස්ථාපිත ඇති මාධ්‍ය නිදහසට පටහැනි ආකාරයේ කිසිදු ක්‍රියාකාරිත්වයකට නොයන ලෙසින් අප අදාල සියළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නෙමු


වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය




2017-11-10
Advertisement

Find us on Facebook