English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“විධායකය” මාධ්‍ය සදාචාරය පවා විනාශ කළා - ලුෂන් බුලත්සිංහල
ජනමාධ්‍යයේ මුලික අරමුණ වන්නේ ජනතාව නුතන ලෝකය සඳහා යාවත්කාලීනව සංස්කෘතික මිනිසෙක් බවට පත් කිරීමයි. නමුත් ඒ සංස්කෘතික මිනිසා බවට පත් කරන සියළු මාවත් අහුරා ඒ වෙනුවට මිත්‍යාවෙන් අන්ඳ වූ, කිසිම හැඟීමක් හා සංවේදීකමක් නැති, ජාතිවාදී හා ආගම් වාදයට පමණක් කුලප්පුවන අසංස්කෘතික අශීලාචාර මිනිසෙක් නිර්මාණය කළේ මේ විධායක ක්‍රමය බව ප්‍රවීණ කළා කරු ලුෂන් බුලත්සිංහල මහතා පෙන්වා දෙයි.

කිසිඳු නියාමනයකට, කිසිම රේගුලාසියකට යටත් නොකර ජනතා දේපලක් වන “සංඛ්‍යාත” පෞද්ගලික නාලිකා ආයතන හා දේශපාලඥයින්ට ලබා දීමෙන් හිතුමතේ තමන්ට උවමනා පරිදි මාධ්‍ය පාලනය කිරීමට කටයතු කිරීම මෙම අශීලාචාර මාධ්‍ය බිහිවීමට මුල බවත් ලුෂන් බුලත්සිංහල පවසයි.

ඒ “යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳ කථිකාවත” මැයෙන් ප්‍රදෙශියව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පසුගිය 05 වනදා වැලිගම ප්‍රදේශයේ පවත්වනු ලැබූ අවස්ථාවේදීය.

ලුෂන් බුලත්සිංහල මහතා විසින් ජනමාධ්‍ය සම්බන්ධයෙන් පල කළ අදහස් පහත දැක්වේ.... 




2017-11-06
Advertisement

Find us on Facebook