English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන කුණු බක්කියේ පතුළට වැටී ඇති මොහොතක

දිගින් දිගටම අසාධාරණයට ලක්වූ උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතුයැයි ඒකාබද්ධ විපක්‍ෂ විශ්වාස කරන බවත්, ඒ සඳහා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවත් මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ පසුගිය දා (01) මාධ්‍යට පවසා තිබුණි.

තවද, “උතුරේ ජනතාව වෙනුවෙන් බලය බෙදීමක් සිදුවිය යුතු බව අපි ඉතාම පැහැදිලිවම පිළිගන්නවා. උතුරේ ජනතාවට සිදුවූ අසාධාරණය නිසා ඔවුන් වෙනුවෙන් යමක් සිදුවිය යුතුයි. 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියෙන් උතුරේ ප‍්‍රශ්න සඳහා යම් විසඳුමක් ලබාදුන්නා. නමුත් ජේ.ආර්. ජයවර්ධන මහතා සියලූම බලතල දුන්නේ නැහැ. ඒ නිසා 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිට සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි බලය බෙදීමට විරුද්ධ නැහැ.

පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට රටේ මහා ආන්දෝලනයක් ඇතිව තිබෙනවා. මහා සංඝරත්නය ඇතුළු උගතුන්, බුද්ධිමතුන් සියලූම දෙනා මෙයට තමන්ගේ විරෝධය පළකර තිබෙනවා. නිසි ආකාරයෙන් සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවා මහානායක හිමිවරුන්ගේ හා සියලූම දෙනාගෙන් අදහස් ලබාගෙන උතුරේ ජනතාවටත් සාධාරණයක් වන ආකාරයෙන් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය සිදුවෙනවා නම් ඒ සඳහා ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා.” යැයිද එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය මේ වන විට දේශපාලන කුණු බක්කියේ පතුලටම වැටී ඇති බවනම් පැහැදිළිය. ඔවුන් මේ මොහොතේ මෙවන් ප්‍රකාශ කිරීමම හාස්‍යට කරුණකි.

කාටුනය උපුටා ගැනීම අන්තර්ජාලයෙනි


 




2017-11-05
Advertisement

Find us on Facebook