English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජේ.ආර්. ගේ ගැටේ ගලවන්න පුළුවන් ජගතා කවුද?

1977 වසරේ දී බලයට පත් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය, 1978 වසරේ දී විධායක බලය සහිත ජනාධිපති ක‍්‍රමයකින් යුත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් මේ රටට හදුන්වා දෙනු ලැබීය. කඩි මුඩියේ ගෙන එනු ලැබූ එම ව්‍යවස්ථාවට මෙරට ප‍්‍රගතිශීලී ජනයාගෙන් විශාල විරෝධතාවයක් එල්ල විය. එවක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ වික‍්‍රමබාහු කරුණාරත්න සහෝදරයා ද මෙම විරෝධතා ව්‍යාපාරයට එක් වෙමින් ඒකාධිපති ව්‍යවස්ථාවට විරෝධය පා විශ්ව විද්‍යාලය තුළ කළු කොඩි එසවීය. ඒ හේතුවෙන් ඔහු රැකියාවෙන් දොට්ට දැමූ අතර මේ වන තෙක් ඔහුට එම රැකියාව නොලැබින.

එදා මෙම ව්‍යවස්ථාවට විරුද්ධව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය, වාමාංශික පක්ෂ, සුලූ ජාතිකයන් නියෝජනය කරනු ලබන පක්ෂයන් ද මෙම ඒකාධිපති ව්‍යවස්ථාවට දැඩි විරෝධයක් දැක් වීය. නමුත්, එක්සත් ජාතික පක්ෂය 1977 සිට 1994 දක්වා අවුරුදු 17 ක් ම, 1978 ව්‍යවස්ථාව හරහා ලැබුනු ඒකාධිපති බලය මත රට පාලනය කරනු ලැබීය. මෙම පාලන ක‍්‍රමයට එරෙහිව උතුරේ මෙන්ම දකුණේ විශාල තරුණ නැගිටීම් ද වරින් වර ඇති වූ නමුත්, පසුව ඒවා තම විධායක බලය යොදා ගනිමින් ඉතා කෲර ලෙස මර්ධනය කරනු ලැබීය.

විධායක ජනාධිපති ක‍්‍රමය සහිත ව්‍යවස්ථාව අහෝසි කර රටට නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිථත කිරීම එවකට විපක්ෂයේ ප‍්‍රධාන සඨන් පාඨයන් වුයේය. 1994 දී විපක්ෂය නියෝජනය කරමින් බලයට පැමිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය මෙම විධායක ජනාධිපති ක‍්‍රමය මාස 6කින් අවසන් කරන බවට ප‍්‍රතිඥා දෙනු ලැබූවත්, ජේ. ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ පහස ලබමින් දෙවරක් විධායක ජනාධිපති ලෙස කටයුතු කරනු ලැබීය. ඇයගේ අවෑමෙන් 2004 වසරේ දී බලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතාද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන බවට සපථ කරනු ලැබීය. නමුත් ඔහු ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගොස් දෙවරක් පමණක් ජනාධිපති ධුරය හෙබවීමට තිබූ අවස්ථාව ලිහිල් කරමින්  ඕනෑ වාරයක් එය දැරීමට අවශ්‍ය පරිසරය 18 වන ව්‍යවස්ථා සංසෝධනය හරහා සිදු කරමින් ලංකා ඉතිහාසයේ පළමු වතාවට තුන්වන වරටත් ජනාධිපති ධූරය සදහා තරග කරනු ලැබීය. 

ඔහුගේ මෙම ඒකාධිපති ගමනට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුලූ ප‍්‍රධාන දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුලූ ප‍්‍රගතිශීලී ජනයා එක් කඳවුරකට පැමිණ විධායක ජනාධිපති ක‍්‍රමය සහිත ඒකාධිපති ව්‍යවස්ථාව අහෝසිකර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රථිසංස්කරන ගෙන ඒම සදහා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැප විය.

ඒ අනුව විධායක ජනාධිපති ධූරයේ බලය, පාර්ලිමේන්තු තුනෙන් දෙකේ බලය, ඇතුලූ රාජ්‍ය බලය, සියලූ මධ්‍ය හා අනෙකුත් මූල්‍ය සම්පත් ද සහිතව සිටි ඒකාධිපතිවරයෙකු ලංකා ඉතිහාසයේ පළමු වතාවට 2015 ජනවාරි 08 මේ රටේ ප‍්‍රගතිශීලී ජනයා විසින් පරාජය කරනු ලැබීය.

විධායක ජනාධිපති ධුරය සහිත ව්‍යස්ථාවට එරෙහිව මෙරට ජනතාව අවස්ථා 5 ක දී ඡුන්දය පාවිච්චිකර ඇතත් 1978 ව්‍යවස්ථාව ගෙනවිත් හතලිස් වසරක් ගතව ඇති මේ මොහෙතේ පවා එය පවත්වා ගෙන යාම සදහා එදා එයට විරුද්ධ වූ වන් අද දිවි හිමියෙන් එය රැක ගැනීමට කටයුතු කරයි. එම ව්‍යවස්ථාව ගෙන ඒමට මුල් වූ එක්සත් ජාතික පක්ෂය එම ව්‍යවස්ථාව වෙනස් කිරීමට වෙර දරයි.




2017-11-02
Advertisement

Find us on Facebook