English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ අලුත් රටක්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ” දකුණට

“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය” විසින් අළුත් ව්‍යවස්ථාවක ඇති අවශ්‍යතාවය පිලිබඳව හා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ගැටළු මොනවාද? යන කාරණා පිළිබඳව ප්‍රාදේශීයව ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් අලුත් රටක්, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන තේමාව යටතේ දිවයින පුරා පවත්වනු ලබයි.

ඒම සම්මන්ත‍්‍රණ මාලාවේ තවත් සම්මන්ත‍්‍රණ කීපයක් දකුණු පළාතේ මාතර, වැලිගම හා දෙණියාය ප්‍රදේශ වල ලබන 4,5 යන දිනවල දී පවත් වීමට කටයුතු යොදා ඇත. ඒ අනුව නොවැම්බර් 04 වන දින උදේ 9.30 ට දෙණියාය SDM උත්සව ශාලාවෙත්, නොවැම්බර් 05 වන දින උදේ 9.30 ට වැලිගම තානායම හා එදිනම සවස 2.30 ට මාතර, හක්මන සරසි උත්සව ශාලාවේදීත් පවත් වේ.

එම සම්මන්ත්‍රණයන් හී අදහස් දැක්වීම සඳහා ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ, රාවය කතෘ කේ.ඩබ් ජනරංජන, ලුෂන් බුලත්සිංහල, නිදහසේ වේදිකාවේ සම කැඳවුම් කරු පිලිප් දිසානායක යන අය සහභාගී වීමට නියමිතය.




2017-11-02
Advertisement

Find us on Facebook