English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“ රට බෙදීමට කිසිම යෝජනාවක්‌ මෙහි නෑ.” - ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

“ජනවාරි 08 දා අප සමඟ නොසිටි අය අද අහනවා අපට ජනවරමක්‌ තිබෙනවාද කියා. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා සමග මන්ත්‍රිවරුන් තිස්‌ දෙනෙක්‌ ඒවි කියා හිතුවා. ඒත් එතරම් ප්‍රමාණයක්‌ ආවේ නෑ. ජනමත විචාරණයකට නොයන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ යනවා කිව්වේ දින සීයේ පමණයි.” ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා පැවසීය.

ඒ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ඊයේ (31) දෙවැනි දිනයටත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාදායක සභාව රැස්‌ වූ අවස්ථාවේදීය.

“ ඒත් සෑම රැස්‌වීමකදීම මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා මෙය තමයි අවසන් ජනාධිපතිවරණය යළි ජනාධිපතිවරණයකට යන්නේ නෑ කියා. විධායක ජනාධිපතික්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා කැපවී සිටින බවට අපට කිසිම සැකයක්‌ නෑ.

අද අපි මේ කරන දේ තමාද කරන බව එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් ප්‍රකාශ කර තිබුණා. නව ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍යයි. තුනෙන් දෙකක්‌ සහ ජනමත විචාරණයකින් සම්මත කර ගන්නා බව රාජ්‍ය නායකයන් දෙදෙනාම ප්‍රකාශ කළා.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා මෙවර හොඳම යෝජනා ඉදිරිපත්වී තිබෙන්නේ. මහ ඇමැතිවරුන් හත් දෙනා ජාතික ප්‍රතිපත්ති හදනවාට ඔවුන් විරුද්ධ වුණේ නෑ. ඒ සඳහා ඔවුන්ව සම්බන්ධ කර ගන්න කියා කිව්වා. රට බෙදීමට කිසිම යෝජනාවක්‌ මෙහි නෑ.” යනුවෙන්ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.




2017-11-01
Advertisement

Find us on Facebook