English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අනේ හාමුදුරුවනේ අයෙත් යුද්ධයකට අපව ගෙන යන්න එපා...

අද රට තුල බෞද්ධයන් කියාගන්නා අය කරන සාපරාදී චෝදනා ගැන බෞද්ධයෙක් හැටියට මා හට පුදුමය. බෞද්ධාගම දර්ශනයකි. ඒ අවබෝධ කරගැනීමට මනා බුද්ධියක් අවශ්‍යය. අපේ ශ‍්‍රී ලංකාව තුල විවිධ ජාතීන්, විවිධ ආගම් ඇති රටකි. ඒ අනුව අප රටට වැසියන්ට සාධාරණය ඉටුවිය යුතු අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍යමය. ඒ ව්‍යවස්ථාව කතිකාවක් ඇතිව වාද විවාද අනුව සාකච්ඡා මාර්ගයෙන් ඉදිරියට ගෙනා ආ යුතුය. අද මෙම රට තුල අනවශ්‍ය බියක් ඇති කිරීමට පෙරමුණ අරන් සිටින සංඝයා වහන්සේලා ගැන පුදුම නොවෙමි. පසුගිය රාජ්‍ය පාලන කාලයේ ගරුතර සංඝයා රත්නයට එම පාලකයන් අවනත උනාද? නැත මා අදටත් මාගේ ඉපදීම ගැන කනගාටු වෙමි. ඊට ප‍්‍රධාන හේතුව මගේ උප්පැන්න සහතිකයේ ආගම ඉදිරියෙන් බුද්ධාගම යයි සටහන් කර තිබිම නිසා බුදු දහම අනුව සියලූම මනුෂ්‍ය වර්ගයාට කරුණාව, මෛත‍්‍රීය දැක්විය යුතුය. ඒ අනුව සියලූම සත්වයෝ සුවපත් වේවායි බුද්ධ දර්ශනයේ සඳහන්ය. නමුත් අවාසනාව සමහර සංඝයන් හැසිරෙන ආකාරය ගැනය.

1948.02.04 නිදහස ලබා ගැනීමට විවිධ ජාතීන් ගෞරවයෙන් ඉදිරිපත් වී අපේ මාතෘභූමියේ සියලූම වැසියන් නිදහස ලැබූ දවසේ මෙවන් ජාතීවාදී පිරිසක් නිර්මාණය වී සිටියේ නැත. එදා සෑම ආගමකටම ගරු කළේය. එදා මෙදා සිට අපේ රටේ පුරවැසියා වෙනස් කළේ මෙම රට තුල පාලනය කළ දේශපාලකයන්ය.

1920 සිට ගරු එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා මෙම රට තුල සියලූම ජාතීනට සංහිඳියාවෙන් ජීවත් වීමට පරිසරයක් හැඳීමට සංවාදයෙන් උත්සහා කළා. ඩොනමෝර් කොම්ෂන් සභාවට මහනුවර ලීගය ගිහින් කිව්වා මේ රටේ ෆෙඩරල් රාජ්‍ය 03 තියෙන්න  ඕන කියලා. ඒ තමයි උතුරු නැගෙනහිර පාලන එක් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් පහත රට පාලන එක් ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ලෙස සහ කඳුරට ෆෙඩරල් පාලන ක‍්‍රමයක් ලෙස.

ගරු හමුඳුරුවනේ..., ඔබ වහන්සේලා අපේ රටේ වසර 30 ක යුද්ධය නිමාවී තිබෙන අවස්ථාවක සියලූම ජාතීන්ට සංහිඳියාවෙන් ජීවත්වීම සඳහා රටක් නිර්මාණය කිරීමට අලූත් ව්‍යවස්ථාවක කතිකාවතක් අතරතුර ඔබ වහන්සේලා ඇයි මේ තරම් කලබල වී. අපේ රටට නැති ප‍්‍රශ්න මතු කරමින් රට විශාල ආගාධයකට ඇද දමන්නේ? ගරුතර සංඝරත්නය සහ බුද්ධිමත් සමාජයේ ඉන්නා අනිකුත් පිංවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවත යුද්ධයකට අපේ රටේ අහිංසක මිනිස්සුන්ට ඉඩ තියන්න එපා යයි කියාය.

ගරු එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක තුමා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාය. ඔහු එම මැතිවරණයෙන් ජය ලැබුවට රට තුල ජනතාව ජය ලැබුවද ගරු හාමුඳුරුවනේ ඒ වකවානුයේ ප‍්‍රභාකරන් තරුණ වියේ සිටි පුද්ගලයෙකි. ඒ රත්මලාන ගුවන් තොටුපලේ තිබුණ ගරු එස්. ඩබ්. ආර් .ඞී. බණ්ඩාරනායකයන් ඡායාරූපයට සැරයට්යෙන් ගැසු බවට කථාවක් ඇත. වෛරය එදා ඇති කළේය. බණ්ඩාරනායකලා ජාතියේ භාෂාව සිංහල භාෂාව කියලා එදා රට තුල සිටිය ධනපතීනගේ දරුවන් ඉංග‍්‍රිසි අධ්‍යාපනයට යොමු කළේය. පැරදුනේ සිංහල භාෂාව විතරක් කථා කරන අය පමණයි නේද?

අපේ හාමුදුරුවනේ එසේ නම් හාමුදුරුවනේ වසර 30 ක යුද්ධය දිනුවාට පසු එදා පාලනයේ සිටි පාලකයන් රට තුල ස්ථිර සාමයක් උදා කළාද? එසේ සාමය උදා කලා නම් 77% ක සුළු ජාතිකයන් 2015 ජනවාරි 08 මැතිවරණයෙන් යහපාලන රජය තෝරා ගනීද? පොදු අපේක්‍ෂකයා වශයෙන් ගරු මෛත‍්‍රීපාල තෝරා ගනීද?

ගරු සංඝරත්නයෙන් මා අසන්නේ, එනම් විශ්වාසනීය නායකයන් දෙපළක් රට තුල බිහිකරගන්නා ලදී. පසුගිය රජය කළේ සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනිකුත් ජාතීන්ට සාධාරණය ඉටු උනාද? අලූත්ගම දර්ගා නගරයේ ඇති වුණ ඒ කාළකණ්නි සිද්ධියට මූලික නායකත්වය දුන්නේ කව්ද? අදටත් තරුණයින් (මුස්ලිම්) 02 නෙක් දෙපා අහිමිව ඇත. මේ පාප කර්මය කළේ කව්ද?

2015 මහමැතිවරණයෙන් රට තුල සිටින සියලූම ජාතීන් මෙන්ම ලෝකවාසීන්ට පෙන්වා දුන්නේ ජාති වාදයෙන් රටක් ඉදිරියට යන්නට බැරි බවය.

අදටත් දේශපාලනයෙන් අනාත පිරිසක් සහ දේශපාලන අඳ බාලයින් සහ සාධාරණ ප‍්‍රවෘත්තියයි කියා ගන්නට උත්සහා දරණ මාධ්‍යයන් පිරිසක මෙම පාලකයන්ට රට ඉදිරියට ගෙන යාමට නොඳී ජාති වාදී කලබල බව වර්ජන සහ අඳ බාල වැඩ වල යෙදෙමින් සිටී. එයට උදාහරණ ඇත.

රත්මලානයේ අසරණ මුස්ලිම් ජාතිකයන් පිරිසක් රැකවරණයේ සිටියදි කළ ඒ අසාධාරණ පහරදීම සිදුකළේ සංඝයන් වහන්සේලා නේද? එය අපේ මව් රටත් බුදු දහමත් ලෝකවාසී ජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දැක්කා නේද? අද විමල් වීරවංශය ආතක් පාතක් නැති කථා කියන වචාල කටින් අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනාය කියා කියනවා. පාපතර මිනිසානෙනි, ඔබට ස්භාවධර්මය දඬුවම් දේවී.

ගරු හිටපු ආරක්‍ෂක ලේකම්තුමනි, ඔබතුමා ගැන ඔබතුමාගේ යටිසිතෙන් අසා දැනගන්න. ඔබතුමෙ එදා ආරක්‍ෂක ලේකම් හැටියට ගන්නා තීරණ 100% ක් හරිද?

ගරු හිටපු අග‍්‍ර විනිශ්චයකාරතුමනි..., ඔබතුමා අද ව්‍යවස්ථාවට උසාවි යයි. කනගාටුය, ඔබතුමා අලූත් කඬේ උසාවි සංකීර්ණය මරියා කඬේට ඇදගෙන ගියා නේද?  සුනාමි ආධාරවලට කුරුණෑගල මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතාගේ නඩු තීන්දුව ගැන ඔබතුමා නැවත උසාවි භූමියට පැමිණීම ගැන දෙවියන් කෝප වී ඇත ඉදිරි වැඩ ප‍්‍රවේසමෙන්. දිට්ඨධම්මවේදනීය පලදෙන කාළය ඇවිත් ඇත. ඔබතුමාට මතක ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කෑගල්ලේ ලොරිය උඩ පැවති රැස්වීම එදා මහ වැස්සක ඔබතුමා හිටපු ජනාධිපති මහින්ද මහත්තයා පට්ට ගැසුවා නේද සුනාමි සල්ලි නඩු තීන්දුව ගැන. කමක් නෑ මේ ශ‍්‍රී ලංකාවයි.

හාමුඳුරුවනේ...! එම නිසා ජාති වාදය අවුස්සා බලය ගන්න උත්සහා කරන දේශපාලන අනාථයිනි තොප සියලූ දෙනා නැවත ශ‍්‍රී ලංකාව යුද්ධයකට තල්ලූකලොත් වියත් මග යයි කියා ගන්නා කමල් ගුණරත්න සෙබලාට කියන්න වන්නේ තොපේ පරම්පරාවට? හෙ................

ඒ විතරක් නෙවේ හිටපු ජනාධිපතිටද කියන්නට තියෙන්නේ ඉහත සඳහන් කළ දෙයමය...

ඉන්න...... ඉන්න......රගර් ක‍්‍රීඩකයා තාප්පේ හැප්පිලා මැරුණා නේද? අල්ලා දෙවියන් කෝපයෙන් බලා සිටි. සියලූම මුස්ලිමි ජනතාව සෑම සිකුරාදාවකම මහ පල්ලිවල තොපට විරුද්ධව චෝදනා නගති. එහි ප‍්‍රතිඵල අද හෙට දැක ගත හැක.


ඩබ්. කේ. ඒ. අනුර ගුණවර්ධන




2017-10-26
Advertisement

Find us on Facebook