English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් උතුරෙන් අත්සන් ලක්ෂයක්

        

යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උතුරු පළාතෙන් අත්සන් ලක්ෂයක් ලබා ජනාධිපතිතුමන්ට බාර දීමට පියවර ගෙන ඇත. ඒ අනුව ඊයේ (24) සිට ඉදිරි දින කිහිපය පුරාම උතුරු පළාතේ සියලුම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි සාමාන්‍ය ජනතාවගෙන් අත්සන් ලක්ෂයක් ගැනීම ආරම්භ කළේය.

මෙම අත්සන් ගැනීම වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් පෙන්වා දෙන්නේ දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකුරුවන් වහාම නිදහස් කළ යුතු බවටත්ය.




2017-10-25
Advertisement

Find us on Facebook