English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“ඒකීය”ට “ඔරුමිත්තනාඩු” නොගැලපේනම් වෙනත් වචනයකට යෑමේ කිසිඳු ගැටළුවක් නෑ...
“රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් එය රටේ ජනයාගේ අනුමැතියෙන් නීතිගත විය යුතුයි. එය පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා වගේම ජනමත විචාරනයකටත් යා යුතුයි. “ඒකීය” කියන වචනයට “ඔරුමිත්තනාඩු” දෙමළ වචනය නොගැලපෙන බවට මහා සංඝයා වහන්සේලා හා දේශපාලන පක්ෂ තුලින් මේ සම්බන්ධයෙන් ගැටළු රාශියක් මතු කරනවා” යැයි පුරවැසි බලය සම කැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

“අපි මේ සම්බන්ධයෙන් දෙමළ දන්නා විද්වතුන්ගෙන් හා භාෂා පරිවර්තකයින් හරහා සොයා බැලුවා එහිදී වඩාත් සුදුසුම වචනය “ඔරුමිත්තනාඩු” බව ඔවුන් පැවසුවා.... නමුත් කව්රුහරි කියනවානම් මේ වචනය ගැලපෙන්නේ නෑ කියල ඒකට සුදුසු වචනයක් යොදා ගැනීමේ කිසිඳු ගැටළුවක් නෑ” යනුවෙන්ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඒ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා පසුගියදා සංඝ කාරක සභා විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන්  අදහස් දැක්වීම සඳහා  “අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් පසුගිය 20 වැනිදා කොළඹ CSR ආයාතනයෙදී පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

එම අදහස් පහතින්.....





2017-10-24
Advertisement

Find us on Facebook