English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පාර්ලිමේන්තුව විසුරුවා හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට දමා, සංඝයා වහන්සේලාට රට භාර දෙමු!

“රජ කාලේ පැවතියේ ඉතාමත් ප්‍රාථමික සමාජයකි. උගත් කමක් සහිත සමාජ සංස්ථාවකට පැවතියේ පැවදි සංඝ සමාජය පමණකි. පොතපත ලිවීම, කියවීම ඇතුළු දැනුම අතින් යම් අධ්‍යාපන මට්ටමක සිටියේ ඔවුන් පමණකි. ඒ නිසාවෙන් එකළ රට පාලනය කිරීම සඳහා රජවරු සංඝ සමාජයෙන් අනුසාසනා හා උපදෙස් ලබාගත්තත් අප දැන් පසු වන්නේ ඉංජිනේරුවන්, අධ්‍යාපන විශේෂඥයින්, ආර්ථික විශේෂඥයින්, නීති වේදීන්, ඝණකාධිකාරීන් හා දේශපාලන විශේෂඥයින් ඇතුළු  මුළු සමාජයම දැනුවත්වූ 21 වන සියවසේය.”

“ඒ දැනුවත් සමාජය තියාගෙනත් අපි කියනවනම් එදා රජ්ජුරුවෝ කළා වගේ අදත් සංඝයා වහන්සේගේ අනුදැනුම මත පමණක් රට පාලනය කරන්න කියල මේක විකෘතීමය තත්වයකි.”

ප්‍රවීණ ලේඛක ගාමිණි වියන්ගොඩ මහතා විසින් මෙම අදහස් පළකළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා පසුගියදා සංඝ කාරක සභා විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන්  අදහස් දැක්වීම සඳහා  “අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් පසුගිය 20 වැනිදා කොළඹ CSR ආයාතනයෙදී පැවත් වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

එම අදහස් පහතින්.....





2017-10-24
Advertisement

Find us on Facebook