English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සංඝ කාරක සභාව කළේ තමන් සතු සිවිල් බලය අවභාවිතා කිරීමක්

මහා නායක හිමිවරුන් තමන් සතු සිවිල් බලය පටු දේශපාලනික අරමුණක් වෙනුවෙන් අවභාවිතා කිරීම අප්‍රසාදයට කරුණක් බවත්, මහා සංඝ රත්නයේ පරම වගකීම වන්නේ නැවත මේ රට තුළ ලේ වැගිරීමකින් තොර දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජනතාවට අධ්‍යාපනයක් ලබාදීම බවත් මහාචාර්ය සරත් විජේසුරිය මහතා ඊයේ (20) මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පැවසීය.

“ සංඝයා වහන්සේලා තේරුම් ගන්නට අවශ්‍යයි... ඇයි ජාතින් අතර සංහිඳියාවක් ඇති කරගත යුත්තේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ හා නීතිය මත පාලනය කරන රටක් අවශ්‍ය ඇයි කියන එක උන් වහන්සේලා තේරුම් ගන්නට උවමනායි. මේ සම්බන්ධව කටයුතු කරන නායකයන්, විශේෂඥයන් හා එක්ව කරුණු සාකච්ඡාවකින් තොරව පටු දේශපාලඥයින්ගේ උපදෙස් පිළිපැද සමාජයට සාවධ්‍ය මතයක් පතුරුවන එක ලංකාවේ දේශපාලන සංස්කෘතිය යහපත් දිසානිතියකට ගමන් කිරීමට තිබෙන අවකාශය අපවිත්‍ර කිරීමක් ” බවද ඔහු සඳහන් කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා පසුගියදා සංඝ කාරක සභා විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන්  අදහස් දැක්වීම සඳහා  “අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් එම මාධ්‍ය සාකච්ඡාව ඊයේ (20) කොළඹ CSR ආයාතනයෙදී පැවත් විය. එහිදී මහාචාර්ය සරත් විජේසුරිය මහතා එසේ අදහස් පලකළ අතර,එම අදහස් පහතින්.....





2017-10-21
Advertisement

Find us on Facebook