English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


හැටදෙලක්ෂයක් වූ ජනමතය සංඝ සභාවකට වෙනස් කළ හැකිද?


පසුගියදා මල්වතු හා අස්ගිරි සංඝ කාරක සභා දෙක  රැස්වී වහාම ව්‍යවස්ථා ක්‍රියාවලිය අකුලා ගන්නා ලෙස ප්‍රකාශ කළේය. ඒ එය මල්වතු මහා නාහිමියන්ගේ ප්‍රකාශයක් ලෙස සමාජ ගතකරමිනි. මල්වතු මාහා නාහිමියන් මීට ඉහතදී ව්‍යවස්ථා ක්‍රියාවලියට සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කර තිබියදී හා උන් වහන්සේ රටින් පිට සිටියදී මේ සිදු කලේ පාපතර වංචාවක් බව ගාමිණි වියන්ගොඩ මහතා ඊයේ මාධ්‍ය සාකච්ඡාවකට එක වෙමින් ප්‍රකාශ කළේය.

එහිදී නව ව්‍යවස්ථාව තුළින් බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන බව වගන්ති තුලින් පැහැදිළි වන බව පෙන්වා දෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ මේ සංඝ කාරක සභා විසින් සිදු කරන්නේ පරාජිත දේශපාලඥයින් ගේ උවමනාවන් මිස රටේ ජනතාවගේ පොදු මතය නොවන බවයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හා පසුගියදා සංඝ කාරක සභා විසින් කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන්  අදහස් දැක්වීම සඳහා  “අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” විසින් එම මාධ්‍ය සාකච්ඡාව ඊයේ කොළඹ CSR ආයාතනයෙදී පැවත් විය.





2017-10-21
Advertisement

Find us on Facebook