English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 13 වැනිදා උතුරේ හර්තාලයක්!

දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය, යාපනය සරසවිය, වෙළඳ හා ප්‍රවාහන සංගම් මෙන්ම ධීවර සංගම් ඇතුළු සිවිල් සංවිධානවලද එක්ව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් 13 වැනිදා උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යදා ඇත.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවටත්, දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාර වල රඳවා ඇත්තේ මරණ දඩුවම නියම වූ සිරකරුවන් සමග වන හෙයින් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බැවින් ඔවුන් වහාම වෙනත් මැදිරිවලට මාරු කළ යුතු බවටත්, දේශපාලන සිරකරුවන්ට නඩු පැවරීමේදී වව්නියාව අධිකරණයේදී නඩු පැවරිය යුතු බවටත් ඒ අතර උපවාසයේ යෙදුණු දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටත් යන කාරණා මුල් කරගනිමින් මෙම හර්තාලය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.




2017-10-11
Advertisement

Find us on Facebook