English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


දුසිල්වත් භික්ෂූන්ගේ ක්‍රියා වලට අප්‍රමාණ අගයක් දෙන ජනමාධ්‍ය

බුදුන් අනුදැන වදාළේ මිනිසකුට පමණක් නොව සතකුට වුව හිංසා කිරීමේ සිතුවිල්ලක් පහළ වන්නේ නම් ඊට පෙර තමන් උපමා කර සිතන ලෙසය. අවාසනාවකට අද සුළුතර බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා පිරිසක් වෛරය, ද්වේෂය වපුරමින් සිටින බවක් පෙනෙන්ට තිබේ. අසරණව ජීවිතය බේරා ගැනීමට අවසරයෙන් හෝ අනවසරයෙන් රටට ඇතුළු වූ පිරිසකට පහර දී පළවා හැරීම බුදුන් දේශනාවට කෙතරම් දුරට ගැලපේද යන ප්‍රශ්නය ඇසිය යුතුව තිබෙන්නේ ඒ සඳහා පෙරමුණ ගත් හිමිවරුන්ගෙන්මය.

භික්ෂූන් වහන්සේලාට නොගැලපෙන අවරගණයේ ක්‍රියාවන්ට උන්වහන්සේලා යොමු වූ විට ජනමාධ්‍ය මගින් ඊට ලබා දෙන්නේ අප්‍රමාණ ප්‍රචාරණයකි. මේ තුළින් භික්ෂූව නමැති පරමාදර්ශී චරිතය කෙතරම් දුරට සමාජය තුළ හෑල්ලුවට ලක්වන්නේද යන කාරණය මාධ්‍ය මඟින් අමතක කර දමා ඇත්තේ නොදැනුවත්කමටද නොමැති නම් දේශපාලන න්‍යයා පත්‍රයන්ට අනුව අදාළ නාළිකා හා පුවත්පත් ක්‍රියාත්මක වන නිසාද යන්න විමර්ශනය කළයුතු කරුණකි.

කෙසේ වෙතත්, පවතින පසුබිම තුළ බුද්ධ ශාසනයට ඇති ප්‍රබලතම අභියෝගය බවට පත්ව තිබෙන්නේ අන්‍යාගමීකරණයටත් වඩා දුසිල්වත් භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් ය.

පසුගියදා ඇති වූ සිද්ධියේ දර්ශන


 

2017.10.11 දින දිනමිණ වෙබ් අඩවියේ විශේෂාංග කොටසේ  “ පොලු අතින් ගත් ජාතියක් ” නමින් පළවූ ලිපියෙන් උපුටා ගන්නා ලද්දකි.




2017-10-11
Advertisement

Find us on Facebook