English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


ප්‍රගීත්ලගේ ඝාතන මැතිවරණ වලදී විකුණුවානම් පාලකයින්ගේ වගකීම සාධාරණය ඉටුකිරීමයි.

“ මේ රටේ පාලකයින් පසුගිය මැතිවරණ වලදී දිගින් දිගටම ප්‍රගීත්, තාජුඩීන් වැනි ඝාතන විකුණුවා. ඒ පාලකයින්ට වගකීමක් තියෙනවා එම ඝාතකයින්ව හොයල දඬුවම් කරලා සාධාරණය ඉෂ්ඨ කරන්න. මේ රටේ මිනිස්සු බඩ පුරවන්න නෙමේ ඉල්ලුවේ. මුලික වශයෙන් ඝාතකයින්, දුෂකයින් එළිකර දඬුවම් කරන්න යන කාරණා ” යැයි සමන් රත්නප්‍රිය මහතා ඊයේ (03) මහනුවරදී පැවසීය.

තවද, “ පරීක්ෂණ දිගින් දිගට කල් යමින් තිබෙනවා. ජනතාව ප්‍රශ්න කරනවා. නිරායුද සිරකරුවන් පවා ඝාතනය වෙලා තියෙද්දී එම ප්‍රශ්න වලට හරි හැටි උත්තර දීගන්න තවමත් ආණ්ඩුවට බැරිවෙලා තියනවා...” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඒ ඊයේ සවස හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයවිසින් සංවිධානය කළ හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන් වූ මහා සත්‍යග්‍රහය දෙවන වරට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේදීය.

එම අදහස් පහතින් දැක්වේ....





2017-10-04
Advertisement

Find us on Facebook