English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මල්වතු මහා නාහිමියන්ගේ මානුෂීය අදහස් වලට සිවිල් සමාජයෙන් පැසසුම්


අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රට තුල බෙදීමක් සිදුවන බවට, මහින්ද රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පිරිස් රට පුරා මිත්‍යා ව්‍යාපාරයක් ගෙනයාම සම්බන්ධයෙන් සිවිල් සමාජ නියෝජිතයින් විසින් මහා නාහිමියන්ගෙන් විමසු අවස්තාවේදී උන් වහන්සේ එක හෙලා පවසා ඇත්තේ සියළු ජාතීන්ට මේ රට තමන්ගේ රට විදියට හිතාගන්න පුළුවන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇති බවයි.

ඊයේ (03) වැනිදා පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ නියෝජිතයින් පිරිසක් මලවතු මහා නාහිමියන් හමු වූ අතර, ඇතැම් භික්ෂුන් වහන්සේලා රටේ තිබෙන මුලික ප්‍රශ්න පිළිබඳව පිළිගත නොහැකි අදහස් ප්‍රකාශ කරද්දී, මල්වතු මහ නාහිමියන් එවැනි සමාජශීලී, මානුෂීය අදහස් ප්‍රකාශ කිරීම අගය කල යුතු බව එම හමුවට සහභාගී වූ ගාමිණි වියන්ගොඩ මහතා පවසයි.

ගාමිණි වියන්ගොඩ මහතා එම හමුව පිළිබඳව ඊයේ සවස හැටදෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගැනීමේ ව්‍යාපාරයවිසින් සංවිධානය කළ හැටදෙලක්ෂය සීරුවෙන් මැයෙන් වූ මහා සත්‍යග්‍රහය දෙවන වරට මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානයේදී පැවැත්වූ අවස්ථාවේදී අදහස් පල කළ අතර, එම අදහස් පහතින් දැක්වේ....





2017-10-04
Advertisement

Find us on Facebook