English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විද්‍යා ඝාතකයින්ට මරණ දඬුවම
යාපනය පුංකුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් වරුදකරුවන් වූ සුවිස් කුමාර් ඇතුළු චූදිතයින් 07 දෙනෙකුට යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (27) දින මරණ දඬුවම නියම කළේ ය.


යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තින්දුවක් ලෙසින් එය ප්‍රකාශයට පත් කරනු ලැබූහ.

මෙම ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද උදෑසන ආරම්භ වූ අතර, එහිදී පළමු සහ හත්වැනි විත්තිකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කළ යුතු බවත්, ඉතුරු විත්තිකරුවන් හත් දෙනාට මරණ දඬුවම දිය යුතු බවත් විනිසුරු මඩුල්ල තීරණය කළේය.

බුබාලසිංහම් ජෙයකුමාර්, බුබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශසිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවදේවන් දුෂාන්ත්, ජෙයදරන් කෝකිලන් හා මහාලිංගම් ශෂීකුමාර් (ස්විස්කුමාර්) යන අයට මෙසේ මරණ දඬුවම නියම කෙරිණි.




2017-09-27
Advertisement

Find us on Facebook